*
Tuesday, March 25, 2025
spot_img

Latest Posts

මස්ක්ගේ ‘x’ සමාජ මාධ්‍ය ජාලය ඉන්දීය රජයට එරෙහිව නඩුවක් ගොනු කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක්ගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන X, නවදිල්ලිය නීති විරෝධී ලෙස අන්තර්ජාලය හරහා අන්තර්ගතය වාරණය කරන බවට චෝදනා කරමින් ඉන්දීය රජයට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ.

පසුගිය මාර්තු මස 05වන දින දකුණු ඉන්දීය ප්‍රාන්තයේ කර්ණාටක මහාධිකරණයේ නඩුවක් ගොනු කරමින් X චෝදනා කර ඇත්තේ ඉන්දීය රජය අන්තර්ජාලය හරහා අන්තර්ගතය අවහිර කරන සහ නීති විරෝධී මාර්ගගත අන්තර්ගතයන් ඉවත් කිරීමට රජයේ නිලධාරීන්ට සහ අමාත්‍යාංශවලට බලය පවරන බවත්, එමඟින් රටේ තොරතුරු තාක්ෂණ පනතේ දක්වා ඇති අන්තර්ගත නියාමනය සඳහා වන නීතිමය ක්‍රියාවලිය නොසලකා හරින බවත්ය.

2000 ඔක්තෝම්බර් මාසයේදී සම්මත කරන ලද රටේ තොරතුරු තාක්ෂණ පනතේ 69A වගන්තිය, රටේ ජාතික ආරක්ෂාවට සහ මහජන ආචාරශීලීත්වයට හානිකර යැයි සැලකෙන මාර්ගගත අන්තර්ගතයන් ඉවත් කිරීමට ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අයිතිය ලබා දී ඇති අතර ඒ සඳහා අධිකරණ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු අතර, එම අමාත්‍යාංශය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයෙන් (MeitY) මාර්ගගත අන්තර්ගතයන් ඉවත් කිරීමට අවසර ඉල්ලා සිටී.

කෙසේ නමුත් එම පනතේම 79 (3)(b) වගන්තිය රජයේ නිලධාරියෙකුගේ සරල දැනුම්දීමකින් කිසිදු ආකාරයක අධිකරණ සමාලෝචනයකින් තොරව රජයේ නිලධාරියකු කරන ලද ඉල්ලීමකින් අන්තර්ජාල අන්තර්ගතයන් මකා දැමිය හැකිය.

මේ සම්බන්ධව ප්‍රශ්න කරන ‘X’ සමාජ මාධ්‍ය නඩුව මාර්තු 20 වන දින ඉන්දීය මාධ්‍ය වාර්තා මගින් ප්‍රසිද්ධියට පත් කරන ලද අතර ඊළඟ නඩු විභාගය මාර්තු 27 වන දින කර්ණාටක මහාධිකරණයේදී පැවැත්වේ.

පසුගියදා නරේන්ද්‍ර මෝදි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට එක්සත් ජනපදයට ගිය පසු එලෝන් මස්ක් සමඟ සාකච්ජා පැවැත්වූ අතර දෙදෙනා කෘතිම බුද්ධිය (AI), අභ්‍යවකාශ ගවේෂණය, නවෝත්පාදනය සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාවය ගැන කතා කළ බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නමුත් ඉන් මාසයකට පමණ පසු, මස්ක්ගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන X, නවදිල්ලිය නීති විරෝධී ලෙස අන්තර්ජාලය හරහා අන්තර්ගතය වාරණය කරන බවට චෝදනා කරමින් ඉන්දීය රජයට එරෙහිව මෙලෙස නඩුවක් ගොනු කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan