අඛණ්ඩව හතරවන දිනටත් තුර්කියේ දහස් ගණන් විරෝධතා!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 23 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අඛණ්ඩව හතරවන දිනටත්, තුර්කියේ ස්ථාන්බූල් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් දහස් ගණනක පිරිසක් විරෝධතාවල නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට මාධ්‍ය වාර්තා කරන්නේ, දශකයකට පමණ පසු තුර්කියේ පැවැත්වෙන දැවැන්තම විරෝධතාවය මෙය ලෙසයි.

තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු ලෙස සැලකෙන ස්ථාන්බූල් නගරාධිපතිවරයා 2028 වසරේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස නම් කිරීමට දිනකට පෙර මෙලෙස අත්අඩංගුවට ගැනුණි.

ත්‍රස්තවාදය හා දූෂණ චෝදනා ඔහුට එරෙහිව එල්ලකර ඇති අතර එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව එරට අධිකරණය ඉදිරියේ ඔහු සඳහන් කර ඇත.

එරට පොලිසිය පියවර ගෙන ඇත්තේ, විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා කදුලුගෑස් යොදාගැනීමටයි. එරට මාධ්‍ය වාර්තා කළේ, මානව හිමිකම්/ නීතිය හා යුක්තිය ඉටුකරන ලෙස විරෝධතාකරුවන් රජයට බලකර සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...