පොහොසත් රටක් – පිටසක්වල ජීවිතයක් : දහයියාගලින් සංචාරක කර්මාන්තය ගොඩදාන හැටි ඇමති ටීබී කියයි (VIDEO)

Date:

පිටසක්වල ජීවීන් ශ්‍රී ලංකාවේ දහයියාගල කඳු ගැටයට ගොඩබසින බවට ලෝකයේ ජනප්‍රිය වී ඇති බවත් ඒ අනුව එම ස්ථානයෙහි සංචාරක මධ්‍යස්ථානයක් ඉදිකර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“දිඹුලාගල ගත්තොත් ලෝකයේ දැන් පිටසක්වල ජීවීන් ලංකාව ගොඩබහිනවා කියලා ජනප්‍රියම කඳුගැටය තියෙන්නෙ මාදුරුවාව ඩෑම් එකට දකුණු පැත්තෙන් දහයියාගල. ඉතින් ඒක ලෝකයේ විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් කරන්න පුළුවන්”

නිවේදකයා – ගොඩබැස්සෙ නැතත් අපි ගොඩබහිනවා කියලා කොහොමහරි දියුණු කරලා ගමු අපි ඒක ….

“නෑ, නෑ. බැස්සෙ නැතත් නෙවෙයි, දැනට එහෙම ජනප්‍රවාදයක් සහ ඒකෙ පිහිටීම අනුව සහ එහෙම ලෝකෙට ගියපු පණිවිඩයක් තියෙනවා. ඉතින් ඒ පණිවිඩය අපි පෝෂණය කරන එකනෙ කරන්න ඕනෙ. ඒකට විද්‍යාත්මක පසුබිමක් තියෙනවා නම් ඒක හොයන්න ඕනෙ අපි. ඒක හොයලා ඒක පෝෂණය කරන්න ඕනෙ අපි. ඒකට කැමති මිනිස්සු ඉන්නවානෙ. නේද ? ඒක අපිට ප්‍රයෝජනයට ගන්න ඉතාම හැකියාවක් තියෙනවා

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “මහජන දිනය” වැඩසටහනකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...