ඩොලර් මිලියන තුන්සීයක පළමු අයි.එම්.එෆ්. ණය සහණය ලැබී ඇත. එයින් ගම්‍ය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය සමඟ නිස්චිත ආර්ථික ගිවිසුමකට සම්බන්වී ඇතිබවය. ඇත්තෙන්ම එකී මුළ්‍ය ප්‍රධානය ණය මුදලකට එහා ගිය දීර්ඝ ක්‍රියාවලියක කොටසකි. එය තවත් පැත්තකින් ජාත්‍යන්තර ගනුදෙනු වලදී ශ්‍රිලංකා රජය වෙනුවෙන්වූ ඇපවීමකි. ඒ අනුව ගත් ණය ගෙවාගත හොහැකි බංකොලොත් රටක් ලෙස අසාදු ලේඛනයට වැටී පසෙකට විසිවී තිබූ ලංකාවට මෙතැන් සිට ජාත්‍යන්තරයෙන් යම් යම් ණය වර්ග ලබාගත හැකි රටක් බවට නැවතත් ඉහලට එසවී ඇත.
මෙහිදී අප අමතක නොකල යුත්ත නම් ලංකාවට ලෝකයේ කිසිදු රටක් කිසිදු ණය මුදලක් ලබා නොදුන් මොහොතක් සහ මිලියන දහස්ගානක ණය හා ආනයන ගෙවීම් එකතැන ගොඩගැසී තිබියදී රාජ්‍ය බාන්ඩාගාරය මිලියන පහකට හිඳුනු මොහොතක්ද තිබුනු බවය. එදා අරගලය තුලින් ගෝඨාබය පලවා හැරිය බව අපට මතුපිටින් පෙනෙන්නට තිබුනද එවන් හද්දා බංකොලොත් පසුබිමක් තුල අපරිනත දේශපාලන ජීවියෙක්වූ ගෝඨාබයට සියල්ල අතහැර පලා යනු විනා කලහැකි වෙනත් කිසිවක්ද එදා නොතිබිනි.
රාජපක්ෂ තක්කඩීන් හරහා ස්වකීය බලදේශපාලන හා කුඨ වෙළඳපොල උපාය මාර්ග වෙනුවෙන් ලංකාව ඉත්තෙක් ලෙස බාවිතාකල චීනය ඒ අර්බූධකාරී ව්‍යාසනය තුල ලංකාව සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබෙනු අයුරු අපි දුටුවෙමු.
ඒ මොහොතේ ලෝකයෙන් කිසිදු පිළිසරණක් නොමැති හේතුවෙන් ලංකාව තුල ඇතිවිය හැකි අභ්‍යන්තර සාගතයක් ගැනද හතර දෙසින් අනාවැකි ගලා ආවේය. ඒ මොහොතේ දුප්පතුන්ට කුද ගහගන්නැයි සිත යටින් කියූ නාගරික මධ්‍යම පාන්තිකයින් අනුරාධපුර, පොලොන්නරු ගොවීන් සතු වී මිටි තොගගනනින් වැඩිමිලට ගෙන ගොස් නිවෙස් තුල ගොඩගසා ගත්තේ රටට සාගතය ආවත් තමන්ට අවුරුදු ගානකට සහල් ඇතැයි සිතමිනි.
ඒ එක මොහොතක අපේම රටේ මිනිසුන් සිතූ ආකාරයයි. ඇත්තෙන්ම ව්‍යාසනයකදී නිර්මාණය වන්නේ තනිව නොගිලී සිටීමට වෙර දරණ ස්වාර්තවාදීන් සහ පොට පටලවාගෙන හතර පැත්තටම වෛරකරන නොමිනිසුන්ය.
ඒ අතර රට අතහැර යෑම සඳහා හැකියාව ඇති මිනිසුන්ගෙන් සැදුන පෝලිම් ආගමන විගමන දේපාර්තමේන්තුව ලඟ සිට කිලෝමිටර් ගනනාවක් දුරට පෙල සැදී සිටිනු අපි දුටුවෙමු. ඒ අතර රට අරාජිකවූ විට බොරදියේ මාළු බාන දේශපාලන බලවේග මහජන කැළඹීම් හරහා අපායේ බලය අල්ලාගෙන බූමිය මත උතුරු කොරියාවක් බිහිකිරීමට කැසකවනුද අප දුටුවෙමු.
තවත් තැනක සංචිත අර්බූදය නිසා බෙහෙත් අපනයනය කිරීමට ඩොලර් නොමැතිව පාමසිවල පැනඩෝල් පෙත්තක්වත් නැති පසුබිම තුල සහ රෝහල් තුල අත්‍යාවශ්‍ය ඖෂධ පවා නොමැතිව රෝගීන් පන අදිද්දී ඇතම් බලවේග තමන් බලයට පත්වෙන තුරු මෙරටට ඩොලර් නොඑවන ලෙස ශ්‍රීලංකීය විදේශ ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඇත්තෙන්ම මේ තනි තනි හා සාමූහික විලෝපික හැසිරීම වූ කලී අරුම පුදුම ජවනිකාවන් විශේෂයක් නොවේ, මෙය බංකොලොත් අපායකට වැටෙන ඕනෑම රාජ්‍යයක ඇතිවෙන අනිවාරනීය විසූක දස්සන පෙලහරකි.
ඇත්තෙන්ම එවන් මොහොතක කලයුතුවන්නේ රටේ ආර්ථිකය ගොඩදැමීමට යාමට පෙර ජනයා සාගතයකට නොවැටීමට සහ නිර්ප්‍රජාතන්ත්‍රවාදී බලවේග රට අස්තාවර කිරීම වලක්වා ගැනීමට අවශ්‍ය මූලික පියවර ගැනීමයි. එනම් ලෝකය සමඟ ගනුදෙනු කල හැකි මට්ටමට ජාත්‍යන්තර මුල්‍ය විශ්වාසය යලි ගොඩ නගාගැනීමයි. අනතුරුව අර්බුදයෙන් තිරසාරව ගොඩ එන ක්‍රමයක් ගැන විද්‍යාත්මක සැලසුමක් තනා ගැනීමය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු ලෝක ධනේශ්වර පර්‍යාය තුල එකී හදිසි අවස්තා සඳහා අවශ්‍ය වගවීම හා තාක්ෂණ උපදෙස් ලබාදීම සඳහාම නිර්මාණය කර ඇති ආයතන ව්‍යුහයකි. මන්ද, මෙවන් අර්බූදයක් විසඳාගැනීම සඳහා ණය පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා විශේෂඥ උපදෙස් හා මගපෙන්වීම මෙන්ම අදීක්ෂනයද අනිවාර්ය සාධකයන් වන බැවින්.
කෙසේ හෝ මොන අඩුපාඩු සහිතව හෝ වෙන කරකියාගත කිසිවක් නැති නිසා හෝ ආන්ඩුවට මේවනවිට මුල්‍ය අරමුදල සමඟ ගැඨළුව ලිහාගැනීම සඳහා වන ගිවිසුමකට අනුයුක්ත වීමට හැකිවී ඇතිබව පෙනේ.
දැන් ආන්ඩුව සතු ඊළඟ කාර්‍ය නම් මෙතෙක් ගත් ණය කන්දරාව නැවත ගෙවීම ප්‍රතිව්‍යුහගතකරයුතු ඊළඟ අවස්තාවට යෑමයි.
සාමාන්‍යයෙන් අප දන්නා පරිදි ගමක ජීවත්වෙන හතර අතට ණයවී නැවත ණය ගෙවාගත නොහැකිවූ බංකොලොත් ගැමියෙකු සතු එකම විසඳුම ද ඔහු ණය ලබාගත් පුත්ගලයන් හමුවී තමාගේ ආර්ථිකය නැවත ස්තායී කරගන්නා තෙක් ණය ගෙවීම කල්දාගැනීමටත් අනතුරුව ණය වාරිකවල බර අඩුකර දීර්ඝ කාලයක් තිස්සේ එය ගෙවීමට ඔවුන්ව එකඟකර ගැනීමයි. මෙහිදී එවැනි දුෂ්කර ඉරණමකට ඇදවැටුනු රාජ්‍යයක් සතු එකම විසඳුමද එයම වේ. (මෙහිදී පුත්ගලයෙකුට ප්‍රදේශය අතහැර පලායෑමට හැකි උවද රාජ්‍යයකට එසේ කල නොහැක) මෙහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇපකාර අතරමැදි මැදිහත් කරුවෙකු සතු ප්‍රසස්ථ බූමිකාව ඉෂ්ඨ කරයි.
ඇතැම් ලුම්පිත දේශපාලන කන්ඩායම් ඔවුන් බලයට පත්වුවහොත් ණය ගෙවීම නවතාදමන බවට වහසි බස් දෙඩුවද එකම ජාලයක් බවට පත්වූ නූතන ගෝළීය ආර්ථිකය තුල අවමවශයෙන් උතුරු කොරියාව වර්ගයේ හුදෙකලා ගෝත්‍ර ජුන්ටාවකට වත් එසේ කිරීමට නොහැකිය. එබැවින් එවන් ලුම්පිත ප්‍රලාපවල ව්‍යාජ කටපත්ත ඇදීමක් මිස ගතයුතු කිසිවක් නොපවතී.
අනතුරුව ආන්ඩුවේ ඊළඟ පියවර විය යුත්තේ වැටුප් හා නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් බිලියන සීයයක් පමණ වැයකරන නමුත් ප්‍රති වටිනාකම් ජනනය නොකරන දැනට තඩි හොරගුහාවල් බවට පත්ව ඇති රාජ්‍ය ව්‍යවසායකත්වයන් පෞත්ගලික කරණය කිරීමයි. මන්ද එසේ නොකොට ගන්නා සියළු ණය මුදල් මෙකී රාජ්‍ය සුදු අලි ව්‍යවසායකත්වයන් නඩත්තු කිරිමට වැයවන බැවිනි. මේ ආයතන ප්‍රතිව්‍යුහගත නොකර ගන්නා අලුත් ණය හරහා ගත් ණය තවතවත් පැටවු ගැසීමට වැඩි යමක් සිදුනොවේ.
අදාල තත්වය පැහැදිලි කරගැනීම සඳහා උදාහරණයක් ගන්නේ නම් අපට ටෙලිකොම් ආයතනයේ ඉතිහාසය හරහා උක්ත ගැටළුව පැහැදිලි කරගත හැකිය. අප දන්නා පරිදි ටෙලිකොම් සන්නිවේදන පද්දතිය රාජ්‍ය ඒකාධිකාරී සමාගමක් ලෙස පැවති යුගය තුල එවා කිසිදා නවීකරණය නොවුනි. එසේම එකී යුගයේදී දුරකතනයක් යනු ඉහල පන්තියේ සුඛෝපභෝගී උපකරණයකි. මෙහිදී ටෙලිකොම් පද්දතිය වෙළඳපොල කරණය කිරීම තුල ඩයලොග්, ෂෙල්ටෙල්, මොබිටෙල් වැනි බහුජාතික සමාගම් ගනනාවක් සන්නිවේදන ජාලය තුල ආයෝජනය කිරීමට පැමිණියේය. එහිදී මේ සමාගම් අතර ඇතිවූ අලෙවිකරන තරඟයේදී වඩාත් ප්‍රසස්ථ දුරකතන සේවාවක් අඩු මිලට පාරිභෝගිකයාට ලබාදීම සිදු උනි. අනෙක් පැත්තෙන් රාජ්‍යය වෙත පාඩු ලබා දෙන පරණ දුරකතන ඒකාධිකාරීය වෙනුවට රජයට විශාල බදු ආදායමක් ගෙවන රටපුරා ව්‍යාප්තවූ නව්‍ය ගෝළීය තාක්ෂණයක් රටට ගෙනා පෞත්ගලික සමාගම් පද්දතියක් රට තුල බිහිවිය. තවත් පැත්තකින් දේශපාලකයින්ගේ කෝඨාවට ඔවුන්ගේ පන්දම් කාරයන් එහෙයියන් ටෙලිකොම් එකට පිරවීමද නතරවිය. හැකියාවට හා කාර්‍ය්ක්ෂම තාවයට අනුව සේවකයන්ට වේතන ලැබින. එසේම නිකන් ඉඳන් පුටු රත්කරන රාජ්‍ය සෙවයට ආවේණික පරපුටු වෘතීය ආකෘතිය ද දුර්වල විය.
ලාංකීය වානිජ බැංකු පද්දතියද පෞත්ගලික කරණය කිරීමෙන් පසු යහපත් මහජන සේවයක් ලබාදුන් තවත් ආයාතන ව්‍යුහයකි. සම්පත්, කොමර්ෂල්, ෆෑන් ඒෂියා, හැටන් නැෂනල් වැනි පෞත්ගලික බැංකු වෙළඳපොලට පැමිනීමට පෙර පරණ රාජ්‍ය බැංකු දෙක තිබුනේ තැපැල් කන්තෝරු බැංකුවල තත්වයෙනි. සැබැවින්ම බැංකු පද්දතිය පුළුල් ලෙස මහජනතාව අතරට ගියේ පෞත්ගලික බැංකු නිර්මාණය වීමෙන් පසුවය.
දැන් කල යුත්තේ රාජ්‍යයේ ආර්ථිකයට බරකරත්තයක් වී ඇති ශ්‍රී ලංකන් එයාර් සහ එවැනිම මෙකීනොකී ඉතිරි සකළවිධ රාජ්‍ය විවසායක ආයාතන ද වහවහා පෞත්ගලික කරණය කිරීමය. ඇත්තෙන්ම මේ පෞත්ගලිකකරණ ක්‍රියාවලිය අයත්වන්නේ යුගය තුල කල යුතු එහෙත් පමාවූ අනිවාර්ය ආර්ථික ප්‍රතිසංස්කරණ ගනයටය.
මේ මොහොතේ අයි.එම්.එෆ්. විරෝධීන්ගෙන් නැගෙන ජනප්‍රිය තර්කයක් නම් මේ වන විට දාසය වතාවක් අයි.එම්.එෆ්. එකට ගොස් ඇති නමුත් අර්බුදය තාමත් එසේම බවත් නැවත නැවත යාමෙන් සිදුවන්නේ ණය බර තවතව වැඩිවීම බවත්ය. ඇත්තෙන්ම දාහත් වතාවක් නොව විසි හත් වතාවක් අයි.එම්.එෆ්.ගියත් සුදු අලි රාජ්‍ය ව්‍යවසායක ආයාතන සමූහය පෞත්ගලික කරණය කරන තුරු අර්බූදයෙන් ගොඩයා ගත නොහැකිය.
මීට පෙර අයි.එම්.එෆ්. ගිය දාසය වතාව තුලදීම සිදුවූයේ ණය ලබාගැනීමෙන් පසු මුල්‍ය අරමුදලෙන් නිර්දේශිත ආර්ථික ප්‍රතිසංස්කරණ මග හැර සිටීමය. එයට හේතුවූයේද රාජ්‍ය අංශයට අරක්ගත් බහිරව වෘතීය සමිති මාපියාවෙන් එල්ලවූ විරෝධයයි.
අයි.එම්.එෆ්. එක විසින් යෝජිත විසඳුම තුල මෙකී පෞත්ගලික කරන ක්‍රියාවලිය තුල මේ ආයාතන මිලදී ගන්නේ බහුජාතික සමාගම් විසිනි. ඔවුන් සමාගම් දියුණු කිරීමට අදාල ගෝළීය තාක්ෂණය සම්බන්ධ කප්පිත්තෝය. එහිදී ඔවුන් යටතේ මේ ආයතන තවතවත් පුළුල් වන අතර රට තුල වැඩි රැකියා අවස්තාද මුදල් සංසරණයද තවතවත් පුළුල්වේ. එසේම ඒ හරහා රාජ්‍යයේ එකම ආදායම වූ බදු ආදායමද තවතවත් ප්‍රසාරණය වේ.
ඒ කෙසේ හෝ පෙර වතාවල මුල්‍ය අරමුදලට ගිය වතාවන්ට වඩා මෙවර මොහොත අතිශය තීරනාත්මකය. මන්ද මෙවර මුල්‍ය අරමුදල වෙත ගියේ රට තුල බංකොලොත් ව්‍යාසනනයක බිහිසුනු සෙවනැලි වැටෙමින් තිබුන මොහොතකය. එබැවින් මෙවරද පෙර සේ මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත් මාවතෙන් පිටට වැටුන හොත් අර්බුදය නවතින්නේ වර්තමාන ලෙබනනයටත් එහා තැනකය.
එසේම මුළ්‍ය අරමුදල විසින් නිර්දේශ කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වර්ෂ 2026 දක්වා කාලයක් තෙක් පවතී. යම් හෙයකින් ඊට පෙර රට තුල ආන්ඩු මාරුවක් සිදුවී ප්‍රතිසංස්කරණ මාවතෙන් රට පිටට ගියහොත් ප්‍රතිසංස්කරණ සඳහා එතෙක් දැරූ වෑයමද වතුරේ යනු ඇත. එසේ හෙයින් මේ මොහොත යනු සියළු දේශපාලන බලවේග ද ජනතාව ද කඹ ඇදීම්වලින් වැලකී එක්සත්ව ජාතික එකඟතාවයට යායුතුව පවතින හදිසි තත්වයකි.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN