Wednesday, May 31, 2023
spot_img

Latest Posts

අධිකරණය හෑල්ලුවට ලක්කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව විපක්ෂයට එක්වෙයි ! (VIDEO)

අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හැල්ලුවට ලක් කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට එරෙහිව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඒකාබද්ධ ප්‍රකාශයකට ඊයේ (22) අත්සන් කර තිබේ.

ඒ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නුවූ විරූ අර්බුදයකට මේ වන විටත් රට මුහුණ දී සිටින අතර එම තත්ත්වයට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලකට මුල පුරමින් මෙම අත්සන් තැබීම සිදු කරනු ලැබීය.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු පක්ෂ ගණනාවක මන්ත්‍රීවරු මීට එක්ව සිටියහ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.