රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කරයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර ඇති අතර , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගමද ඊට ඇතුලත් වේ. පසුගිය මාර්තු 13 වැනිදා ගත් කැබිනට් තීරණයට අනුව එම පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය අද පස්වරුවේ නිවේදනය කරනු ලැබීය.

කැබිනට් තීරණයට අනුව රජයේ කොටස් විකිණීමට තීරණය කර ඇති රාජ්‍ය ව්‍යාපාර ලැයිස්තුව ලෙස පහත සඳහන් රාජ්‍ය ව්‍යාපාර සඳහන් වේ.

◾ ශ්‍රීලංකන් ගුවන් සමාගම හා ඇතුළු ශ්‍රී ලංකන් කේටරින් සමාගම

◾ ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී

◾ සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

◾ කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ෆ්‍රැන්ඩ් හයට් )

◾ හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)

◾ සී/ස ලිට්‍රෝ ගැස් පර්යන්ත (පුද්) සමාගම ඇතුළු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම

◾ ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී.

යන ආයතනවල කොටස් අයිතිය එලෙස පැවරීමට තීරණය කර ඇත.

එම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවා සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීමට පළපුරුදු උපදේශන හෝ සංවර්ධන මූල්‍ය ආයතන පත්කර ගැනීමට නියමිත අතර එම උපදේශකවරුන් විසින් විකුණුම් පාර්ශ්වය වෙනුවෙන් නිසි ඇගයීම් හා විමර්ශන කටයුතු තක්සේරු කිරීම හා ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම, ගනුදෙනු උපක්‍රම හා අලෙවිකරණ උපක්‍රම සකස් කිරීම මඟින් එම ව්‍යපාර බැහැර කිරීමට අවශ්‍ය සහය ලබාදෙනු ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙම රාජ්‍ය ව්‍යාපාරවල රජයේ කොටස් අලෙවි කිරීමට අදාළව කැමැත්ත පලකිරීමේ නිවේදනය හා යෝජනා කැදවීමේ නිවේදන ක්‍රියාවළිය සඳහා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළ කිරීමට නියමිත බව සඳහන් .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...