පාස්කු ප්‍රහාරය : රහසිගත සාක්ෂියක් තමයි දෙන්න වෙන්නේ – මෛත්‍රී දැන් කියන කතාව !

Date:

පාස්කු ප්‍රහාරය සැබැවින්ම එල්ල කළේ කවුරුන්දැයි තමන් දන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුර කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

“මීට සති තුනකට විතර පෙර මට ලැබුණු තොරතුරක් අනුව තමයි මම ඊයේ ඒ ප්‍රකාශය කරනු ලැබුවේ. ඒ අනුව මම එවෙලේම කිව්වා අධිකරණයට මට මේ ගැන ප්‍රකාශයක් කිරීමට අවශ්‍යයයි, ඒක නිසා මම විශ්වාස කරනවා කියලා මම අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ වගේම ඒ ප්‍රකාශය මම අධිකරණයට දෙන්නෙත් විනිශ්චයකාරතුමාලා – මම දන්නෑ මම නීතිඥවරයෙක් නෙවෙයි, ඒක නිසා මොන විදිහේ උසාවියකටද මේක යොමු කළ යුත්තේ කියලා, නැත්නම් මාව කැඳවිය යුත්තේ කියලා මම දන්නෙ නැහැ – ඒ කුමන හෝ උසාවියකට මාව කැඳවපුවාම මම ගිහිල්ලා ඒ විනිශ්චයකාරතුමාලාට මම රහසිගත තොරතුරක්, සාක්ෂියක් තමයි මම දෙනවා කියලා ඊයෙත් කිව්වෙ. ඒක නිසා ඒ අනුව තමයි මම කටයුතු කරන්නෙ. මේ පිළිබඳව බොහෝ වැරදි මතයන් ප්‍රකාශ වෙනවා. ප්‍රධාන වශයෙන් මම කියන්න ඕනෙ මේක මේ දේශපාලන වශයෙන් මේ ඡන්ද කාලෙ කිට්ටුයි කියලා, මම දැක්කා ඇතැම් මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල තියෙනවා මේ මැතිවරණ කාලෙ ළංවෙලා මේ ප්‍රකාශයක් කරන්නෙ කියලා. මැතිවරණ කාලෙ ළංවෙච්ච හින්දා නෙවෙයි, මේ සම්බන්ධයෙන් මට යම් තොරතුරක් ලැබිච්ච නිසා, ප්‍රධාන වශයෙන්ම අධිකරණවල දැනට පැවැත්වෙන පරීක්ෂණවලට එයින් යම්කිසි සහයෝගයක්, විනිශ්චයකාරතුමාලාට මේ පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීමට පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ නිසායි මම විශේෂයෙන්ම මේ ප්‍රකාශය කරනු ලැබුවේ. ඒක නිසා අධිකරණයකින් මට නියෝගයක් ලැබුණොත් පෙනී හිටින්න කියලා මම රහසිගත සාක්ෂියක් දීමට බලාපොරොත්තු වෙනවා. රහසිගත සාක්ෂියක් දෙන්නෙ වෙන හේතුවක් නිසා නෙවෙයි විවෘත සාක්ෂියක් දුන්නොත් අධිකරණයේ, මම දන්නවා පැහැදිලිවම මගේ ජීවිතය සහ සමහරවිට මගේ දරුපවුල පවා විනාශ කරන්න පුළුවන්. ඒක නිසා මේක කිසිම දේශපාලන මතවාදී හෝ දේශපාලන යම්යම් ප්‍රශ්නවලට ගෑවිච්ච කාරණයක් නෙවෙයි, මම ඉතාම අවංකව කරන ප්‍රකාශයක්”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (23) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...