*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ජනපති රනිල්ට සුබ උපන් දිනයක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 75 වැනි උපන් දිනය අදට (24) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි. 

මීට වසර දෙකකට පෙර, එනම් 2022 මාර්තු මාසය වනවිට රට පැවතියේ හතර අතින්ම ගිනියම් වෙමිනි. කිලෝමීටර් ගණන් දිග තෙල් පෝලිම්, දින ගණන් ඇදෙන ගෑස් පෝලිම්, දිවා රෑ දෙකේම විදුලි කප්පාදු, රොකට් වේගයෙන් ඉහළ යන බඩු මිල හමුවේ ජනතාව සිටියේ පීඩාවෙනුත් පීඩාවට පත්වෙමිනි. ආර්ථික අර්බුදය විසින් ජනතාව අඩිය අඟලට තළමින් සිටියදී එහි ප්‍රතිවිපාකය වශයෙන් දැවැන්ත දේශපාලන අස්ථාවරභාවයක් හිස ඔසවමින් පැවතිණි. 

එවකට පාලන බලය හෙබවූ බලධාරීන් මේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා තබා ප්‍රශ්නවල ස්වභාවය සහ ඊට හේතු ජනතාව හමුවේ පැහැදිලි කරන්නටවත් සමත් වූයේ හෝ ඉදිරිපත් වූයේ හෝ නැති අතර අවම වශයෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බවක් හෝ පෙන්වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ජනතා කෝපය පුපුරා යාමයි. ඉන්පසුව අධිවේගී චිත්‍රපටයක් ලෙසින් සිදුවුණු සිද්ධි දාමය ලංකා ඉතිහාසයට මෙන්ම ලෝක ඉතිහාසයටත් එකතු විය. 

2020 මහමැතිවරණයෙන් දරුණු පරාජයකට ලක්ව, මන්ත්‍රී ධුරයත් අහිමිව කොල්ලුපිටියේ නිවසට වී මාස කිහිපයක් නිහඬවම ගත කර, පක්ෂයට හිමිවුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තු පැමිණි රනිල් අගමැති ධුරයටත්, වැඩබලන ජනාධිපති ධුරයටත් විධායක ජනාධිපති ධුරයටත් පත්වන්නේ ඒ සිදුවීම් දාමය අතරතුර ය. 

වරක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පැවසුවාක් මෙන් රනිල්ටත් ලැබුණේ දෙකොන පත්තුවෙන විලක්කුවකි. එක් පැත්තකින් ආර්ථික අර්බුදයත් අනෙක් පැත්තෙන් දේශපාලන අස්ථාවරභාවයත් ඇවිළෙමින් තිබිණි. මේ දෙක එකිනෙක විසින් පෝෂණය කරමින් තිබුණු අතර ඉක්මන විසඳුමක් නොලැබුණේ නම් රටෙන් සැලකිය යුතු කොටසක් දැවී හළුවී යන්නටත් ඉඩ තිබිණි. රටේ 74 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ඉරණම පවා කෙස්ගසින් එල්ලුණු අවස්ථා මේ සමයේදී පසු නොවුණා නොවේ. 

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය යනු ක්ෂණිකව පහළ වූ විපත්තියක් නොවන්නා සේම ඊට විසඳුම් ලබාදීම ද ක්ෂණිකව කළ හැක්කක් නොවේ. නමුත් ඒ මොහොතේ ක්ෂණිකවම දේශපාලන ස්ථාවරභාවය ඇති කළ යුතුව තිබිණි. එය අත්‍යාවශ්‍ය කාරණයකුත් නොව අනිවාර්යය කාරණයක් වී තිබිණි. ඒ මොහොතේ පැවති තත්වයන් අනුව ඒ කාර්යයය ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිටි වඩාත්ම සුදුසුකම් සහ අත්දැකීම් සහිත දේශපාලනඥයා වූයේ රනිල් ය. තවත් පැහැදිලිව කියන්නේ නම් ඒ මොහොතේ ඒ කාර්යය කිරීම සඳහා මිලියන 22ක ජනගහණයකින් යුත් ශ්‍රී ලංකාවට සිටි එකම පුද්ගලයා රනිල් පමණක්ම විය. 

එසේම රනිල් එම අභියෝගය භාරගෙන, එය සාර්ථකව ඉටු කරමින් තම හැකියාව රටත් ලෝකයත් හමුවේ මනාව ඔප්පු කළේය. 2022 මාර්තු මාසයේදී රටේ තත්වය සහ 2024 මාර්තු මාසයේදී රටේ තත්වය ඊට සාක්ෂි ය. 

එමෙන්ම එවන් කාර්යයකදී සියලුම දෙනා සතුටු කිරීමට රනිල්ට තබා ශ්‍රක්‍රයාගේ පුතා වයිමාටවත් නොහැකි බව රනිල්ට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් ලිවිය යුතුම ය. කළමනාකරණය කරන්නට සිදුව තිබුණේ ඉතාම නරක තත්වයකි. බොන්න දෙන්නට තිබුණේ තිත්ත බෙහෙතකි. එවන් අවස්ථාවක සියල්ල සුමට ආකාරයෙන් සිදුවන්නේ නැත. මෙවන් අර්බුදයන්ට අනන්‍ය ආකාරයෙන්ම අඩුපාඩුකම් සිදුවන්නටත් ඇත. ඒවා ස්වභාවික ය. 

කෙසේවෙතත් වසර දෙකකට පෙර රටේ තිබුණු තත්වයත් අමතක වූ පරිද්දෙන් බොහෝ අය හැසිරෙන්නට උත්සාහ කළ ද රනිල් තම 73 වැනි උපන් දිනය සහ 75 වැනි උපන් දිනය අතර කාල සීමාව තුළ කළ දේ ලංකා ඉතිහාසයෙන් හෝ ලෝක ඉතිහාසයෙන් මකා දැමීමට කාටවත් හැකිවන්නේ නැත. ඒ රනිල් ය … 

රනිල් වික්‍රමසිංහ මහතා සිය 75 වැනි උපන් දිනය සමරන්නේ ශ්‍රී ලංකාවට තවත් අතිශයින්ම තීරණාත්මක අවස්ථාවකදී ය. ඒ, ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා වන මධ්‍ය කාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීමටත් දීර්ඝ කාලීන විසඳුම් සඳහා අඩිතාලම දැමීමටත් සුදුසු නායකත්වයක් සහ කණ්ඩායමක් මේ වසරේදී ශ්‍රී ලාංකික ජනතාව විසින් තෝරා පත්කරගත යුතු නිසා ය. 

ඒ අනුව එහිදී තම භූමිකාව කෙබඳුද යන්න රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි මාසය හෝ එකහමාර තුළ තීරණය කළ යුතුව ඇත. අප මීට පෙර වතාවකුත් පැවසූ අන්දමට බොහෝ නායකයින් ශ්‍රේෂ්ඨත්වය ලුහුබැඳ යද්දී ශ්‍රේෂ්ඨත්වය රනිල් සොයා පැමිණියේ ය. එහි මීළඟ අදියර කුමක්ද යන්න ඉතිහාසය විසින් මෙන්ම ඔහු විසින්මත් තීරණය කරනු ඇත. 

බලය ඇති විටත් බලය නැති විටත් නොවෙනස්ව ගතවූ වසර 15ක් පුරා අඛණ්ඩවම අපි ඔබට සුබපැතූ පරිදිම අදත් සුබ පතන්නෙමු … 

රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, ඔබට සුබ උපන් දිනයක් ! 

~ Team LNW

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan