2025 දීත් බෙහෙත් නැතිව දුක්විදින්න වෙයිද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW): රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ, 2025 වසර සඳහා ගෙන්වීමට අවශ්‍ය ඇණවුම් වෛද්‍ය සැපයීම් අංශය විසින් මෙතෙක් ලබා නොදීම නිසා ඇතිවිය හැකි ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයට වග නොකියන බවයි.

2025 වර්ෂය සඳහා අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ ඇණවුම් පිළිබඳව 2024 වසරේ ජනවාරි මාසය වනවිට වෛද්‍ය සැපයුම් අංශය විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දිය යුතුය. 

ඊට හේතුව වන්නේ, ප්‍රසම්පාදන කටයුතු සඳහා සාමාන්‍යයෙන් මාස නවයක කාලයක් ගතවීම වේ. ඖෂධ ඇණවුම් 670ක් සහ ශල්‍ය උපකරණ ඇණවුම් 1000කට ආසන්න සංඛ්‍යාවක් ලබාදිය යුතු වුවද ‘ස්වස්ථා’ දත්ත පද්ධතියේ ඇති ගැටලු හේතුවෙන් එය සකස් කර ගැනීමට නොහැකි වී ඇතැයි වෛද්‍ය සැපයීම් අංශය පෙන්වා දෙයි.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. ඇණවුම් නොලැබීම නිසා 2025 ජනවාරි මාසයේ සිට ඖෂධ හෝ ශල්‍ය උපකරණ හිඟයක් ඇති වුවහොත් එහි වගකීම භාර නොගන්නා බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත.

ඖෂධ හා වෛද්‍ය සැපයීම් හිඟය සහ ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර, ඊට ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී උපදෙස් ලබාදී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...