කිරිපිටි මිල ගැන තීරණයක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW): ආනයනික කිරිපිටි මිල අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙන බව පැවසේ.