*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

උතුරේ සංවර්ධනයට එක්වන්නැයි ජනපති ගෝඨාභයගෙන් දෙමළ ඩයස්පෝරාවට ආරාධනා !

උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කරන ලෙස දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙරට සංචාරයක නිරත වී සිටින ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) ඊයේ (23) හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ඊයේ දිනයේ පැවති සර්ව පාක්ෂික සමුළුවේ ඉදිරිපත් වූ කරුණු සහ එහි ප්‍රගතිය පිළිබඳවත් දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී නූලන්ඩ් මහත්මියව දැනුවත් කර ඇත.

ඒ පිළිබඳ ප්‍රසාදය පළ කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරිය කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමඟ සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දී ඇති අතර ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් දැක්වේ.

දශක ගණනක් තිස්සේ රට මුහුණ දී සිටින තත්වයන් සහ ඒවාට විසඳුම් සෙවීමට ගත් ප්‍රයත්නයන් සලකා බැලීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම නව ප්‍රවේශය ඉතාම ඉදිරිගාමී එකක් බව කිව යුතුය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan