*
Friday, April 26, 2024
spot_img

Latest Posts

නේටෝව යුක්රේනයට මැදිහත් උනොත් ලෝක යුද්ධයක් ! අපිත් සූදානම් – රුසියාව අනතුරු අඟවයි

යුක්රේනයේ සාම සාධක කටයුතු සඳහා සෙබළුන් යෙදවීමට නේටෝ සංවිධානය තීරණය කළහොත් යුක්රේනය තුළ සිදු කරන යුදමය මැදිහත්වීම නේටෝ රටවලට එරෙහි යුද්ධයක් දක්වා ව්‍යාප්ත වියහැකි බවට රුසියාව අනතුරු අඟවනවා. ඒ සඳහා වුවද රුසියාව සූදානම් බව පෙන්වා දෙන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසන්නේ එය තවත් ලෝක යුද්ධයක් වනු ඇති බවයි.

යුක්රේනයට සාම සාධක භටයන් යැවිය යුතු බවට නේටෝ සාමාජික රටක් වන පෝලන්තය, මේ වනවිට පැවැත්වෙන නේටෝ සමුළුවට යෝජනා කර තිබෙනවා. කෙසේ නමුත් එම යෝජනාව සඳහා මේ දක්වා නේටෝ සාමාජිකයන්ගේ එකඟතාවය ලැබී නොමැත.

ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය ඇතුළු ලොව ප්‍රබල රටවල් රැසක් රුසියානු ආක්‍රමණයට දැඩි විරෝධය පළ කරන අතර රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමටද කටයුතු කර තිබෙනවා. මීට අමතරව යුක්රේනය සඳහා යුද ආධාර සැපයීමටද බොහෝ රටවල් ඉදිරිපත්ව තිබේ.

කෙසේ නමුත් යුක්රේන අර්බුදයට යුදමය මැදිහත්වීමක් සිදු කිරීම බොහෝ රටවල් ප්‍රතික්ෂේප කරයි.

රුසියාවට මහා බ්‍රිතාන්‍ය ගුවන් කලාපය තහනම් කරන්නැයි යුක්රේනය සිදුකළ ඉල්ලීම පවා බ්‍රිතාන්‍ය අගමැති බොරින් ජොන්සන් ප්‍රතික්ෂේප කළේය. ජොන්සන් පවසා තිබුණේ එවැනි තීරණයක් ගතහොත් එය රුසියාව සමග සෘජු ගැටුමක් දක්වා පරිවර්තනය වනු ඇති බවයි.

නේටෝ සංවිධානයද සෘජු යුදමය මැදිහත්වීමක් සිදු කිරීම ප්‍රතික්ෂේප කරන අතර නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපතිවරයා දැඩිව ඉල්ලා සිටි නමුත් එයද ප්‍රතික්ෂේප කෙරිණි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රබල හේතුවක් වූයේද යුක්රේනය නේටෝ සංවිධානයට එක්වෙනු ඇතැයි පුටින් ජනාධිපතිවරයා බියට පත්වීමයි.

එවැනි තත්වයක් තුළ නේටෝ සංවිධානය සිය හමුදා යුක්රේනයට යැවීමට කටයුතු කළහොත් එය දැවැන්ත අර්බුදයක් දක්වා ගමන් කරනු ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan