රාජ්‍ය බැංකු පද්ධතිය ස්ථාවරයි – මුදල් අමාත්‍යංශයෙන් හා මහ බැංකුවෙන් සහතිකයක්!

0
499

රටේ බැංකු පද්ධතිය අස්ථාවර බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත්, රාජ්‍ය බැංකු ස්ථාවරව පවතින බවත් මුදල් අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව, රටේ බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බවට මහජනතාවට හා අනෙකුත් සියලු පාර්ශවයන්ට සහතික කරන බවයි මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව අවධාරණය කරන්නේ.

එමෙන්ම රාජ්‍ය බැංකු වල ක්‍රියාකාරීත්වය ඉතාමත්ම හොඳින් සිදුවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මීට පෙර, රටේ සුප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක් අර්බුදයකට මුහුණ පා ඇති බවත් සමස්ත රාජ්‍ය බැංකු පද්ධතිය අස්ථාවරව ඇති බවත් කියමින් ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා ප්‍රචාරණය වී තිබිණි.

MIAP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here