රුසියාවේ යුද ශක්තිය 10% කින් අහිමි වෙලා !

Date:

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර අදට දින 28 ක් සම්පූර්ණ වේ. කෙසේ නමුත් රුසියාවට තවමත් යුක්රේනයේ යුද මෙහෙයුම් අවසන් කිරීමට නොහැකි වී තිබේ.

ගෙවුණු පැය 24 තුළ යුක්රේන අගනුවර වන කිව් නගරයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් ප්‍රබල රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේන හමුදා අඛණ්ඩව ප්‍රහාරවලට මුහුණදෙමින් සිටී. යුක්රේන හමුදා විසින් එරට වරායක් වෙත පැමිණි, පතරොම් පුරවා ගත් රුසියානු නෞකාවක් පුපුරවා හැරීමට සමත් වී තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාවේ යුද ශක්තිය මේ වනවිට 10% කින් අහිමි වී තිබෙන බවයි.

යුක්රේන අර්බුදය සම්බන්ධයේන සාකච්ඡා කිරීම සඳහා නේටෝ සංවිධානයේ විශේෂ රාජ්‍ය නායක හමුවක් අද බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී ආරම්භ විය. සමුළුව ආරම්භවීමට පෙර නේටෝ සංවිධානයේ මහ ලේකම්වරයා මාධ්‍ය අමතමින් සඳහන් කළේ නිදහස් හා ස්රෛී රාජ්‍යයකට එරෙහිව යුද ප්‍රකාශ කිරීමෙන් රුසියානු ජනාධිපතිවරයා බරපතල වරදක් සිදුකර ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...