*
Friday, April 26, 2024
spot_img

Latest Posts

දුම්රිය ගාස්තු ඉහළ දැමීමත් රිවස් – වැඩිකළේ ඇමතිටත් නොකියාද ?

පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකළ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීම අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා තීරණය කර තිබෙනවා.

ඇමතිවරයා පවසන්නේ දුම්රිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. ගාස්තු ඉහළ දැමීමට අදාල සංඛ්‍යා ලේඛන අමාත්‍යංශය වෙත ලැබීමට පෙර මාධ්‍ය වෙත නිකුත් වී ඇති බවත් ගැටලුවට හේතුව එය බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද රාත්‍රියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර යම් හෙයකින් ගාස්තු වැඩිවීමක් සිදුවන්නේ නම් ලබන සඳුදා සිට එය ක්‍රියාත්මක වනු ඇති බවත් අමුණුගම මහතා සඳහන් කරනවා.

අද පස්වරුවේ මාධ්‍ය වාර්තා කර තිබුණේ නරගාන්තර සීග්‍රගාමී දුම්රියවල සහ දුර ගමන් සේවා විශේෂ දුම්රියවල ගාස්තු ඉහළ දමා ඇති බවයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ ජනතාව දැඩි පීඩාවකින් සිටියදී ඉතා ඉහළ අගයකින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහල දමා ඇති බවයි.

කෙසේ නමුත් ඇමතිවරයා පවසන්නේ ජනතාවට දරාගත හැකි ප්‍රමාණයකින් පමණක් ගාස්තු ඉහළ යන බවයි. විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දරන පාඩුව පියවා ගැනීම සඳහා පමණක් ප්‍රමාණවත් වන ආකාරයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව අමුණුගම මහතා සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan