කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි හදිසි මැතිවරණයක් කැඳවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි නව මැතිවරණයක් කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අප්‍රේල් 28 වන දින නව මැතිවරණය පැවැත්වේ. ජස්ටින් ටෲඩෝගේ ඉල්ලා අස්වීමෙන් පසු ලිබරල් පක්ෂ නායකයා වශයෙන් කාර්නි කැනඩාවේ අගමැති ධුරයට දිවුරුම් දී දින නවයකට පසුව මෙම මැතිවරණය පැවැත්වීමට නියමිතය.

එංගලන්ත බැංකුවේ සහ කැනඩා බැංකුවේ හිටපු අධිපතිවරයා වන 60 හැවිරිදි කාර්නි කිසි විටෙකත් මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කර නොමැති අතර ලිබරල්වාදීන්ට දැන් කාර්නි යටතේ අඛණ්ඩව සිව්වන වරටත් රජයක් පිහිටුවීමට අවස්ථාවක් තිබේ.

මෙවර මැතිවරණයට ප්‍රධාන පක්ෂ හතරක් මැතිවරණයට තරඟ වදිනු ඇත – ලිබරල්, කොන්සර්වේටිව්, නව ප්‍රජාතන්ත්‍රවාදීන් (NDP) සහ බ්ලොක් ක්විබෙකොයිස්, හරිත පක්ෂය සහ කැනඩාවේ මහජන පක්ෂය ද තරඟයේ සිටී.

සිය පළමු මැතිවරණ වේදිකාව අමතමින් ඔටාවා හිදී අමතමින් කාර්නි පැවසුවේ ට්‍රම්ප් සමඟ කටයුතු කිරීමට පැහැදිලි, ධනාත්මක ජනවරමක් අවශ්‍ය බවයි. ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප්ගේ අසාධාරණ වෙළඳ ක්‍රියාමාර්ග සහ අපගේ ස්වෛරීභාවයට ඔහු එල්ල කරන තර්ජන නිසා අපි අපගේ ජීවිතයේ වඩාත්ම වැදගත් අර්බුදයට මුහුණ දී සිටින බවත්, ඔහුට අවශ්‍ය වන්නේ ඇමරිකාව අපව අයිති කර ගැනීම සඳහා අපව බිඳ දැමීමටයි. අපි එය සිදුවීමට ඉඩ නොදෙමු යනිවෙනි.

මෙවන විට කැනඩාව එක්සත් ජනපදය සමඟ වෙළඳ යුද්ධයකට මුහුණ දී සිටින අතර එය 51 වන ඇමරිකානු රාජ්‍යය බවට පත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියි.

ට්‍රම්ප් මාර්තු 12 වන දින සිට සියලුම ඇලුමිනියම් සහ වානේ ආනයන සඳහා 25% ක සම්පූර්ණ බද්දක් පැනවූ අතර එය කැනේඩියානු ආනයනකරුවන්ට බලපා ඇති අතර ට්‍රම්ප් පරිපාලනය අප්‍රේල් 2 වන දින මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ දෙවන සතියේදී තවත් ගෝලීය තීරුබදු සැලසුම් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...