සෝයුරනි, “ලස්සනද දැන් ජීවිතය ….??”

Date:

විහිළුවකටත් සිනා නොමසෙන
සුළු විහිළුවක් කළෝතින්
අති බැරෑරුම් වෙස්ගෙන
“මෙහි ඇති වරද කිම ?” විමසන
පැරණි හිත මිතුරන්ද හමුවෙයි
“රට කොරවනා” වෛරසය වැළඳුණ ….

එක පත බෙදා කන
අතර වපුරමින් කතා කට කැඩුණ
හුස්මත් හිරවී තුරුම ඉළ ඇදෙන
සිනාසුණු මතක ඇත
තවමත් පොසිල නොමවුණ

වළඳනු පමණ දැන
කොතෙක් කීවත් නොඅසන
බලයේ මධු බඳුන
පොළවේ ගසන කිනම් හෝ දින
ආයෙත් හමුවුණොත් කිනම් හෝ තැන
පැතුමක් තියේ තව නොවියැකුණ
සුපුරුදු ලෙසින් බදාගෙන හිනැහෙන

ඒ එහෙම තිබියදිම,

විසාලා කොටහේන පුරවර
කාක නම් දූව අසබඩ
අවි පෙන්නුම් නාටකය කෙළවර
පසා කරගත් හදවත
සැකකාරයින් දෙදෙනෙකු අබියස
අඩ දැණින් වැටීගෙන
උන් පපු කුහරයෙන් අතට ගත් රුධිරයෙන්
ලියා අවසන් කරමි මේ කව
ජුදාස් ඉස්කාරියොත් වන මම
එකම එක පැනයක් විමසමින

සෝයුරනි,
“ලස්සනද දැන් ජීවිතය ….??”

~ රුවන් නෙලූ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...