තෙල් මිල තවදුරටත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: අද (31) දවස වන විට ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

එක්සත් ජනපදය වෙළඳාම් කරන WTI තෙල් මිල බැරලයකට 3% කින් ඉහළ ගොස් ඩොලර් 106 (£80.52) කට ආසන්න වී ඇති බව දැක්වෙයි.

පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමු වරට එක්සත් ජනපද තෙල් මිල ඊයේ (30) ඩොලර් 100 ට වඩා ඉහළ ගොස් ඇති අතර එය 2022 ජූලි මාසයෙන් පසු එක්සත් ජනපද තෙල්වල ඉහළම මිල ලෙස වාර්තා වී තිබේ.

බ්‍රෙන්ට් බොරතෙල් මිලද අද දවස වන විට 2% කට වඩා වැඩි වී තිබෙන අතර බැරලයක් ඩොලර් 115 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට යුද්ධය කඩිනමින් අවසානයක් දක්වා පැමිණිය යුතු අවට ගෝලීය බලපෑම තීව්‍ර වී තිබෙන අතර යුද්ධය ආරම්භ කළ ඇමරිකාව සහ ඊශ්‍රායලය තුළද යුද්ධය වහා නැවත්වීමට බලකරමින් විරෝධතා පැවැත්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...