උත්සව සමය වෙනුවෙන් දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීමට පියවර!

0
219

රෂිකා හෙන්නායක මාර්තු 24, කොළඹ (LNW):

අද (24) සිට එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන්ම නිෂ්පාදනය කරනු ලබන ආහාර ලබා ගැනීමේදී පාරිභෝගිකයින් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව, එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

පසුගිය උත්සව සමයන් තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩිව අවධානයට ලක් වූ නිෂ්පාදන පිළිබඳව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අදහස් පළ කළේය.