ජනතාවගෙන් වැඩි පිරිසකට මූල්‍ය සාක්ෂරතාව නැහැ – මහ බැංකු අධිපති

Date:

කොළඹ LNW:මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාව නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පිරමීඩ වැනි වංචාවන්ට හසුවන්නේ එම මූල්‍ය සාක්ෂරතාව නොමැතිකමෙන් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු පවසයි.

මේ දිනවල ක්‍රියාත්මක නවතම කාරණයක් ලෙස වගාවන් සඳහා ආයෝජනය කිරීමට එක්වන ලෙස විවිධ දැන්වීම් ප්‍රචාරය කිරීම බවද වීරසිංහ මහතා කියාසිටියි.

නීතියේ ඇති අඩුපාඩුවක්භාවිතා කර ආයෝජන මුවාවෙන් ඔබේ අතේ තියෙන මුදල් වංචා සහගතව ලබාගෙන, ඒ මුදල් පීරමීඩවල හෝ අනවසර තැන්පතුවල දැමීමෙන් මුදල් නැතිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරයි.

“තමන්ගේ අත මුදල් තිබුණට ඒ මුදල් වැරදි විදියට පාවිච්චි කිරීමට සහ වංචාවලට හසුවීමට තියෙන අවස්ථාව වැඩියි. ඒ ගැන මූල්‍ය සාක්ෂරතාවය සහ දැනුම නැතිකම. විශේෂයෙන් අපි දකිනවා ඉන්ටර්නෙට් එකේ දැන්වීම් පළ කරලා. ඩිස්කවුන්ට දෙනවා. මේවා දෙනවා කියලා ඊමේල් පණිවුඩ එනවා. දැන් අලුත්ම එක තමා එක එක දේවල් වගා කරන්න මුදල් එකතු කරනවා කියලා විශාල වශයෙන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරනවා. ගස් වැව්වොත් ආයෝජන කළොත් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. පලතුරු වගා කළොත් ලැබෙනවා එහෙම නැත්නම් වල්ලපට්ට වගා කළොත් ලැබෙනවා කියලා. නීතියේ තියෙන අඩුපාඩුවක් පාවිච්චි කරලා ආයෝජන මුවාවෙන් ඔබේ අතේ තියෙන මුදල් වංචා සහගතව ලබාගෙන, ඒ මුදල් පීරමීඩවල හෝ අනවසර තැන්පතුවල දැමීමෙන් මුදල් නැතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා හැම තිස්සේම එහෙම දෙයක් කියනවා නම් පළමුවෙන්ම අහන්න ඕනේ කොහොමද ඒ වගාවෙන් මේ තරම් විශාල ප්‍රතිලාභයයක් ලබාදෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් ඔය ඩිජිටල්කරණයේ තියෙන සමහර අහිතකර දේවල් වෙන්න ප්‍රධාන හේතුවක් තමා තමන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ආර්ථිකය සම්බන්ධ සාක්ෂරතාවය නොමැතිවීම. එහෙම වුණාම තමන්ගේ මූල්‍ය ගනුදෙනු සහ ආර්ථික කටයුත්තකදී සාක්ෂරතාවය අඩු නිසා වැරදි දේවල්වලට යොමු වෙන්න පුළුවන්.”

එම නිසා මහ බැංකුවෙන් ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කරනවාත් සමගම මූල්‍ය සාක්ෂරතාවය ගැනත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහා බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාදෙන නව තාක්ෂණික සේවාවන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...