නවීන පහසුකම් යටතේ බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමේ සේවාව පුළුල් වේ.

Date:

රෂිකා හෙන්නායක මාර්තු 24, කොළඹ (LNW):

ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක සහ යෝග අභ්‍යාස ඒකක ඇතුළත්ව, බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමේ සේවාව පුළුල් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ඉදිකෙරෙමින් පවතින මහල් 8 කින් සමන්විත ගොඩනැගිල්ල, එම සේවාව සඳහා වෙන්කර ඇති බව සඳහන් වේ. එහි මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විතව ස්ථාපිත කෙරෙන කාමර සංඛ්‍යාව 82 ඊට ඇතුළත් බව සඳහන් වේ.

රජයේ අපේක්ෂාව වන්නේ, ඉදිරි වසර තුළ දිවයිනට සංචාරකයින් ලක්ෂ 40 ක් ගෙන්වා ගැනීම වන අතර, එම සංචාරකයින්ට ආයුර්වේද ප්‍රතිකාර සේවා ලබා දීමෙන් විදේශ විනිමය උත්පාදනය කරන ස්ථානයක් බවට එම රෝහල පත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

තවද, බොරැල්ල ජාතික රෝහලේ ඉදිකෙරෙමින් පවතින මහල් 8කින් යුත් නව ගොඩනැගිලි සංකීර්ණයේ ඇඳන් ධාරිතාව 340 ක් වන අතර, යාපනය, නැගෙනහිර, කොළඹ සහ යක්කල යන විශ්වවිද්‍යාලවලින් ආයුර්වේද, සිද්ධ, යුනානි යන වෛද්‍ය කර්මයන් පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරත වන උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයින් 600ක් වෙනුවෙන් සායනික පුහුණු වීම් ලබාදීම වෙනුවෙන් ද, එහි පහසුකම් සලසා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වර්ධනයක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි...

මගේ ඇමරිකන් ඩොලර් 153499 තාත්තාගෙන් ලැබුණු තෑග්ගක් – ඇමති චතුරංග ධනය කළමනාකරණය ගැන කියයි

තමන්ගේ ආරම්භක වැටුප 2008 වසරේදී රුපියල් 75000ක් වූ අතර...

රජ සැප ගන්න හිටපු වෘත්තීය සමිති නායකයෝ අද රාජ්‍ය සේවකයා අමතක කර ආණ්ඩුව වෙනුවෙන් මරණ තර්ජනත් කරනවා – සජිත්

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් රාජ්‍ය සේවකයන්...

ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!

කොළඹ LNW: ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව සියලු දෙනා එකට සිටිය...