උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා විසින් අද (මාර්තු 24) මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වනදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෑන් ඒෂියා බැංකුවට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

කෙසේවෙතත් විත්තිකරුවන්ට එරෙහි ගොනුකර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලිකාර පාර්ශ්වය අසමත්ව ඇති බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

MTV එකට ගෙව්වේ භාණ්ඩාගාරයේ මුදල් නෙවෙයි SLTPB එකේ මුදල්. ඔවුන්ට කැමති තීරණ ගන්න පුළුවන් – ඇමති නලින්ද

ශ්‍රී ලංකාවේ පැවති, MTV ආයතනය විසින් සත්කාරකත්වය දැරූ ආසියානු...

කොටවිල පොලීසියේ පාලන අංශයේ OIC වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක...

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!