කෝටිපති ව්‍යාපරික ඊබ්‍රාහීම්ට එරෙහි පාස්කු නඩු විභාගය කල් යයි.එක් සක්ෂිකාරියක් රටෙනුත් ගිහින්!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය වසන් කිරීමේ චෝදනාවට කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ විභාගය ජූලි මස 2වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (24)තීන්දු කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ඉල්ලකළ මරා ගැන මැරෙන බෝම්බකරුවන් වන ඉන්සාබ් අහමඩ් සහ ඉල්හාම් අහමඩ් යන යන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

නඩුව කැඳවූ අවස්ථාවේ මෙම නඩුවේ සාක්ෂිකාරියක වන මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ නිවසේ සේවය කළ තැනැත්තිය විදේශගතවී ඇති බව අනාවරණය වූ අතර තවත් සාක්ෂිකාරියක විදේශගතවීමේ අවදානමක් පවතින බවයි පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය පැවසුවේ.

ඒ අනුව අදාළ සාක්ෂිකාරියවෙත යළි සිතාසි නිකුත් කිරීමට නියෝග කරන ලදී.

ඇය විදේශගතවීමට අදාළ වාර්තා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කැඳවා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝග කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...