දේශබන්දු ගැන නාමල් කට අරී – ආණ්ඩුවටත් චෝදනාවක්!

Date:

කොළඹ LNW:පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වී තිබෙන චෝදනාවත් දේශබන්දු තෙන්නකෝන් සෙවීමට ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයත් දෙකම එකම ආකාරයක පවතින හෙයින් පොලිස්පතිවරයා කළ ක්‍රියාව අසාධාරණ බව කිව නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

යමෙක් වැරද්දක් කර ඇත්නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු වුවත් ඒ මත පිහිටා සමස්ත පද්ධතියටම පහර නොගැසිය යුතු බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

“ යම් කිසි කෙනෙක් වැරැද්දක් කරලා තියෙනවනම්, ඒක අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන්න. හැබැයි සමස්ත පොලිස් පද්ධතියටම පහර ගැසීම වැරදියි. එක වෙලාවක හමුදාවේ හිටපු නිලධාරින් හෝ සෙබළුන් හමුදාව හැර ගිහිල්ලා ඝාතකයෝ බවට පත් වෙලා කියලා සමස්ත ත්‍රිවිධ හමුදාවටම ගහනවා. අනිත් පැත්තෙන් පොලිස්පතිවරයාගේ ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙන මුළු පොලීසියටම ගහනවා. මුළු පොලීසියම සහ පොලීසියෙම ගෞරවය කෙලෙසුවාම අර යාපනයේ වුණා වගේ අත්අඩංගුවට ගන්න ගියාම පොලීසියටත් ගහලා එලවන තත්ත්වයට පත් වෙනවා. පහුගිය කාලේ ඒක දේශපානඥයන්ටත් වුණා. දැන් පොලීසියටත් වෙනවා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේනීතිය ක්‍රියාත්මක කරන්න. ඒක කාටද කියන ප්‍රශ්නෙ නෙවෙයි. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් මේ රටේ ආයතනවලට තියෙන ගෞරවය කෙලෙසන්න එපා. ආණ්ඩුව තීන්දුවක් ගත යුතුයි තමන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව. දැන් දේශබන්දුට තියෙන එක චෝදනාවක් තමයි පළාතේ පොලීසියට දැනුම් නොදී කොළඹින් කණ්ඩායමක් යවලා මෙහෙයුමක් යන අතරතුර යම් සිදුවිමක් සිද්ධ වුණා. ඒකට උපදෙස් දුන්නා කියලා. හැබැයි ඉතින් එතුමාව හොයන්නෙත් ඒ විදිහටනම්, එතකොට එතුමා කරපු ක්‍රියාවලිය අසාධාරණයි කියලා අපි කොහොමද කියන්නේ. මේ දෙකම එකයිනේ” යනුවෙන් රාජපක්ෂ මහතා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...