ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ගෝලීය බලශක්ති සැපයුම වෙනුවෙන් මේ වන විට අත්‍යවශ්‍ය සාධකය වී ඇත්තේ සාමය බව ඕස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුර කතා කරමින්, යුරෝපීය සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලේයන් පවසයි.
ඇය පෙන්වා දෙන්නේ ගෑස් සහ තෙල් මිල ගණන් යටතේ සමාජය කෙරෙහි ඇතිකර තිබෙන බලපෑම දැනෙන බවයි.
ලොව පුරා බලශක්ති සැපයුම තීරණාත්මකතැනකට තල්ලු වී ඇති බව ඇය කියා සිටියි.
ඒ අනුව ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡාමය අවශ්‍යතාවය ඇය අවධාරණය කර තිබේ.
පවතින ගැටුම පිළිබඳව තමන් “දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින” බවයි ඇය පවසන්නේ.
සකච්ජමය විසඳුමකට පැමිණීම අතිශයින් වැදගත් වන අතර එය මැදපෙරදිග සතුරුකම් අවසන් කරන්නක් බවද වොන් ඩර් ලේයන් කැන්බරා හි ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ පවසා තිබේ.




