සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පෙබරවාරි 28 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ඒකාබද්ධ හමුදා මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් බහරේනය, කුවේට්, සෞදි අරාබිය, කටාර්, ඕමානය සහ විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) යන රටවල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් දියත්කර තිබේ.
මෙහිදී ඉරානය විසින් මෙම රටවල ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කිරීමට අමතරව ගුවන්තොටුපළ, හෝටල්, නේවාසික ප්‍රදේශ සහ විශේෂයෙන් බලශක්ති මධ්‍යස්ථාන ඇතුළු සිවිල් යටිතල පහසුකම් වලටද ප්‍රහාර දී තිබේ.
කෙසේ නමුත් ඊට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබිය පමණක් ඉරාන තානාපතිවරුන් රටින් පිටුවහල් කිරීමට අමතරව කිසිදු ක්‍රියාමාර්ගයක් ඉරානයට එරෙහිව ගෙන නොමැත.
කෙසේ නමුත් මේ සමබන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රතිපත්ති සඳහා වූ ඇමෙරිකානු බුද්ධි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ අනේවාසික නියෝජිත වන සිනා ටූසි ප්‍රකාශ කර තිබුණේ, මෙය බහරේනය, කුවේට්, සෞදි අරාබිය, කටාර්, ඕමානය සහ විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE)යේ යුද්ධයක් නොවන බවත් මිට ප්‍රතිචාර දක්වා අවදානමට ලක්වීමට ඔවුන් අකමැති බවත්, ඔවුන්ට අහිමිවීමට තවත් බොහෝ දේ ඇති බවත්ය.
ඒ අනුව, ආර්ථික හා ව්‍යුහාත්මක වශයෙන් බලශක්ති යටිතල පහසුකම් වලට සිදුවිය හැකි බලපෑම, වරායන් සහ ආර්ථික මධ්‍යස්ථාන විනාශ වීමට ඇති හැකියාව, ඉරානය බිඳ වැටීමත් සමඟ මුහුණ දීමට සිදුවන සරණාගත ගැටලුව, ඊශ්‍රායලයේ මැදිහත්වීම මත මේ යුද්ධය සිදුවීම, ගල්ෆ් නායකයින් හමුදා ක්‍රියාමාර්ගවලට වඩා කලාපීය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සමබන්ධයෙන් වැඩි නැබුරුවක් සක්විම ආදිය හේතුවෙන් ගල්ෆ් රටවල් තවමත් යුද්ධයට මැදිහත් නොවී සිටීමට කටයුතු කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,



