මාර්තු 24, LNW (කොළඹ): හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2023 අවුරුද්දේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස නිල වශයෙන් ආරාධනා කළ බවත්,එහිදී ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය පදවියක් පිරිනමන ලද බවත් බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දන්වලා කියලා ‘Sunday Times’ වාර්තා කරලා තිබුණා
වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාල තිබුණ උපාධි ප්‍රධානෝත්සවයට රනිල් සහභාගිවීම අනවසරයෙන් සිදුකල එකක් බවත්,ඒ සදහා රජයේ මුදල් අවභාවිතා කල බවත් කියමින් වාර්තමාන ජනාධිපති ලේකම් විසින් CIDට කරපු පැමිණිල්ලකට අදාලව රනිල් අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන්න කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
Sunday Times කියන විදිහට අදාල විශ්වවිද්‍යාලය නිල ආරාධනයක් කළ බව ඔප්පු කරන්න පුළුවන් නම් රනිල් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ල අනුව CID සහ නීතිපති දෙපාර්තමේන්තුවේ දිලීප පීරිස් ඉතා නින්දිත ලෙස රනිල්ට පරිභව කිරීම සහ එයාලා ක්‍රියා කරපු ආකාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.
ඉදිරිපත්වෙලා තියන කරුණු දිහා බලනකොට මේක ඉතා සංකීර්ණ නීතිමය සහ දේශපාලනික සන්ධිස්ථානයක් බව පෙනී යනවා.හිටපු ජනාධිපති රනිල් සම්බන්ධයෙන් රාජ්‍ය අරමුදල් අවභාවිතය පිළිබඳ චෝදනා එල්ලවීමත්,ඒ අතරතුර රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ විදේශ විශ්වවිද්‍යාලයකින් ලැබුණු තහවුරු කිරීමත් නිසා නඩුවේ ස්වභාවය වෙනස්වීමත් මෙහිදී කැපී පෙනෙනවා.මේ සිදුවීමට නෛතික විග්‍රහය සහ අදාළ පාර්ශවයන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ පැහැදිලි කිරීමක් සමාජයත් බලාපොරොත්තු වෙනවා.
1.රාජ්‍ය අරමුදල් අවභාවිතය පිළිබඳ චෝදනාව (Criminal Breach of Trust) – ලංකාවේ නීතියට අනුව,රාජ්‍ය නිලධාරියෙක් (ජනාධිපතිවරයා ද ඇතුළුව) රජයේ මුදල් පෞද්ගලික සංචාරයක් සඳහා වැය කරලා තියන බවට සාක්ෂි තිබේ නම්,ඒක දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ ගැනෙන බරපතල වරදක්. වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් ඒක ” නිල ආරාධනයක් ” බව CIDයට තහවුරු කරල තියනවා නම්,ඒ සංචාරය ” පෞද්ගලික සංචාරයක් ” විදිහට සැලකීමට ඇති පදනම බොහෝ දුරට දුර්වල වෙනවා.නීතිමය වශයෙන් ගත්තොත් ආරාධනය නිල මට්ටමින් ලැබී තිබුණේ නම්,ඒ සඳහා වැය කරපු මුදල් ” අවභාවිතයක් ” විදිහට ඔප්පු කරන්න පැමිණිල්ලට ලේසි නෑ.
2.CIDය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ භූමිකාව – විමර්ශන ආයතනයක් විදිහට CIDයට පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ බලය තිබෙනවා.හැබැයි මෙහි සඳහන් වෙන විදිහට විශ්ව විද්‍යාලයෙන් ලැබුණු තොරතුරු අධිකරණයට හෝ අදාළ නිලධාරීන්ට නිසි විදිසට ඉදිරිපත් නොකළේ නම්,එය සාධාරණ විමර්ශනයක් (Malicious Investigation) නොවන බව සලකන්න පුළුවන්.විමර්ශන ආයතනයක් සැකකරුට වාසිදායක සාක්ෂි හිතාමතාම වසන් කරන්නේ නම්,එය යුක්තිය පසිඳලීමට බාධා කිරීමක්.
3.මහේස්ත්‍රාත්වරියගේ නියෝගය සහ නෛතික ක්‍රියාවලිය – මහේස්ත්‍රාත්වරයෙකු සාමාන්‍යයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නේ CIDය විසින් ඉදිරිපත් කරන කරුණු (B වාර්තාව) මත පදනම්වයි.සැකකරුට එරෙහිව
” ප්‍රමාණවත් සාක්ෂි ” (Prima facie case) ඇති බව පෙනී යන්නේ නම් මහේස්ත්‍රාත්වරියට අත්අඩංගුවට ගැනීමට නියෝග කළ හැකියි.ඒත්,මෙහි සඳහන් කරන පරිදි නිල ආරාධනයක් තිබියදී එය නොසලකා හරිමින් නින්දිත ලෙස පරිභව කිරීමක් සිදුවූයේ නම්,එය අධිකරණයේ අපක්ෂපාතීත්වය (Judicial Impartiality) පිළිබඳ ප්‍රශ්නයක් මතු කරනවා.
4.මේක දේශපාලන පළිගැනීමක්ද?නීතියට අනුව,ඕනෑම පුද්ගලයෙකු වරදක් කරන තුරු නිවැරදිකරුවෙකු ලෙස සැලකීමේ මූලධර්මයක් (Presumption of Innocence) තියනවා.හිටපු රාජ්‍ය නායකයෙකුට එරෙහිව නඩු පැවරීමේදී ඒක අතිශය විනිවිදභාවයකින් යුතුව කරන්න ඕනි දෙයක්.සත්‍ය කරුණු යටපත් කරමින් හෝ අසත්‍ය ප්‍රකාශ මත පදනම්ව නීතිය ක්‍රියාත්මක කිරීම ” දේශපාලන දඩයමක් ” ලෙස ජාත්‍යන්තර මට්ටමින් පවා විවේචනයට ලක්වෙන්න පුළුවන්.
ඒ අනුව විශ්වවිද්‍යාලයෙන් ලැබුණු පිළිතුර නඩුවේ තීරණාත්මක සාක්ෂියක් බව පැහැදිලියි.ඒ හරහා චෝදනාව පදනම් විරහිත බව තහවුරු වෙනවා නම්,වැරදි තොරතුරු මත නඩු පැවරූ නිලධාරීන්ට එරෙහිව මෙන්ම,අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් (FR Petition) ගොනු කිරීමේ හැකියාව රනිල්ට තියනවා.
මේ සියලු කරුණු අනුව නිසි විදිහට කරුණු සොයා නොබලා හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව වත්මන් ජනාධිපති ලේකම් සිදුකරපු පැමිණිල්ල සම්බන්ධයෙන් ලේකම්වරයාට හා CID නිලධාරීන්ට වගේම අධිකරණයේදී හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඉතා නින්දා සහගතව කරුණු දැක්වූ දිලීප පීරිස් නමැති නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද යන්න සොයා බැලීමත් වැදගත්.
මෙතෙක් මතුකරපු කරුණු අනුව,රාජ්‍ය නිලධාරීන් හෝ නීති පද්ධතියේ පාර්ශවකරුවන් හිතාමතාම ද්වේෂසහගත ලෙස හෝ නොසලකා හැරීම මත වැරදි තොරතුරු ඉදිරිපත් කර පුද්ගලයෙකු අපහසුතාවයට පත් කර ඇත්නම්,ඒ සඳහා ගත හැකි නෛතික ක්‍රියාමාර්ග කිහිපයක් තියනවා.හිටපු ජනාධිපතිවරයෙකු වැනි තැනැත්තෙකු සම්බන්ධයෙන් මෙවැනි සිදුවීමක් වීමේදී එහි බරපතලකම තවත් වැඩි වෙනවා.අදාළ පුද්ගලයන්ට එරෙහිව ගත හැකි නෛතික පියවර මේ විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන්.
1.ජනාධිපති ලේකම්වරයාට සහ CID නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම (Fundamental Rights Petition) ÷ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) සහ 13(2) වගන්ති යටතේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන්න පුළුවන්.නිසි විමර්ශනයකින් තොරව අසත්‍ය පැමිණිලි මත ක්‍රියා කිරීම මෙතනදී ආවරණය වෙනවා.
ද්වේෂසහගත නඩු පැවරීම සඳහා වන්දි ඉල්ලීම (Malicious Prosecution) ÷ විමර්ශන නිලධාරීන් සහ පැමිණිලිකරු සතුව ප්‍රමාණවත් සාධාරණ හේතු නොමැතිව,හුදෙක් ද්වේෂසහගත චේතනාවෙන් නඩුවක් මෙහෙයවා ඇති බව ඔප්පු කළ හැකිනම්, සිවිල් අධිකරණයක ඔවුන්ට එරෙහිව විශාල වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන්න පුළුවන්.
පොලිස් ආඥාපනත සහ විනය පියවර ÷ වැරදි සහගත ලෙස කරුණු වාර්තා කළ CID නිලධාරීන්ට එරෙහිව ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ හැකි අතර,එහිදී ඔවුන්ගේ සේවය අත්හිටුවීම දක්වා විනය පියවර ගත හැකිය.
2.දිලීප පීරිස්ට (නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා) එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග ÷
නීතිඥයෙකු හෝ රජයේ නීතිඥයෙකු අධිකරණය තුළ කරුණු දක්වන විට ඔහුට යම් මුක්තියක් (Privilege) හිමි වෙනවා,හැබැයි ඒක සීමා රහිත වෙන්නේ නෑ.වෘත්තීය විෂමාචාරය (Professional Misconduct) විදිහට නීතිඥයෙක් අධිකරණය නොමඟ යැවීම හෝ සදාචාර විරෝධී විදිහට අපහාසාත්මක භාෂාවක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහුගේ නීතිඥ වෘත්තිය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට බලය ඇත.
නීතිඥ සංගමය වෙත පැමිණිලි කිරීම – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සදාචාර පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැකිය.
අපහාස නඩුවක් පැවරීම – (Defamation): අධිකරණයේදී ඉදිරිපත් කරන කරුණු නඩුවට අදාළ සීමාවෙන් බැහැරව පුද්ගලික මඩ ගැසීමක් හෝ නින්දාවක් ලෙස සිදු කර ඇත්නම්,සිවිල් නීතිය යටතේ අපහාසයට වන්දි ඉල්ලා නඩු පැවරිය හැකිය.
3.අධිකරණයේදී සිදු වූ ” පරිභව කිරීම් ” සම්බන්ධයෙන් අධිකරණ වාර්තා (Case Records) පරීක්ෂා කිරීමේදී මහේස්ත්‍රාත්වරිය හෝ නීතිඥයන් නීතිමය රාමුවෙන් බැහැරව හැසිරී ඇති බව පෙනී යන්නේ නම් ඒ සම්බන්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) පැමිණිලි කරන්න පුළුවන්.මහේස්ත්‍රාත්වරියගේ හැසිරීම අගතිගාමී හෝ පක්ෂපාතී නම් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස JSC වෙත දන්විය හැකියි
මෙතනදී වැදගත්ම කරුණු වෙන්නේ,විශ්ව විද්‍යාලයේ තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑල (Email) දැනටමත් ලැබී තිබේ නම්,ඒක ප්‍රතිශෝධන අයදුම්පතක් (Revision Application) මගින් මහාධිකරණයට ඉදිරිපත් කර වහාම මෙම නඩුව නිෂ්ප්‍රභ කරවා ගැනීමටත්,තමාට සිදු වූ අගතිය වෙනුවෙන් ඉහත කී නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් හිටපු ජනාධිපතිවරයාට පූර්ණ නෛතික අයිතිය ඇත.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

