ශ්‍රී ලංකා තරුණයෝ අල්මනායිගේ සැළසුම දිගේ ඉගිල්ලී ගොස් ජයග්‍රහණය අල්ලා ගනිති

නිශ්මං රණසිංහ ,මාර්තු 24, කොළඹ LNW:

දකුණු ආසියානු අවුරුදු 20 න් පහළ පාපන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව මාල දිවයිනට පිටත්ව ගියේ සියල්ලගේ සුභාශිංසන සහ ආශිර්වාද ඇතුව නොවන බව පැහැදිළියි.තේරීම් සම්බන්ධයෙන් පුහුණුකරු අහමඩ් අල් – මනායි ට එල්ල වූ විරෝධය ඒ අතර ප්‍රධාන තැනක් ගත් අතර ඊට නිසි පිළිතුරුක් ලැබුණු බවක් පෙනෙන්නට තිබුණෙත් නැහැ.ඒ නිසා මාල දිවයිනට පිටත්ව ගිය කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය අනුව එල්ල වූ විවේචනවල බර තවත් වැඩි වෙනවා ද,සැහැල්ලු වෙනවාද කියන කාරණය තීරණය වන තත්ත්වයක් නිර්මාණය වී තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක මාල දිවයිනට මුහුණ දෙන විට තිබුණු ඒ වාතාවරණය තව දුරටත් තීරණාත්මක වෙමින් තරගයේ දෙවන අර්ධය නිමා වන විට මාල දිවයින ගෝල 2-0 ක් ලෙස ඉදරියෙන් සිටියා.මේ නිසා තෙවන අර්ධයේදී ශ්‍රී ලංකාවට බැලූ බැල්මට තිබුණු විසඳුම වඩාත් යහපත් ගෞවරණිය පරාජයක් සඳහා ප්‍රතිවාදීන්ට ආක්‍රමණය කිරීමට නොහැකි ලෙස ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවශ්‍යය පියවර ගැනීමයි.

එහෙත් අල් -මනායි ගේ සැළසුම වූයේ ආක්‍රමණයට ප්‍රති ආක්‍රමණයකින් පිළිතුරු සැපයීමයි.එහි ආරම්භයට දෙවන අර්ධය ආරම්භ වී විනාඩියක් ගත වෙන තැන ක්‍රියාත්මක වූ මොහොමඩ් කතීම් මුල පුරනු ලැබුවා.තරගය මාල දිවයින පෙරමුණේ සිටියදී 2-1 ක් ලෙස ගලා යද්දී ක්‍රියාත්මක වූ අහමඩ් හිජසි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ගෝලය රැස් කර ගත්තේ තරගය සම ලකුණු තත්ත්වයට ගෙන එමින්.දෙපිළටම ජයක් නොමැතිව නිමා වෙන සළකුණු පෙන්වමින් පෙරට ඇදුණ තරගයට 88 වන විනාඩියේදී ගෝලයක් එකතු කරන හුසෙයින් අබ්දුල්ලාහ් තරගය ගෝල 3-2 ක් ලෙස ජයග්‍රහණය කරා රැඟෙන යන්නට සමත් වෙනවා.ඒ තීරණාත්මක ගෝලය ලබා දීම සහ තරගය පුරාවට දැක් වූ දක්ෂතාද සැළකිල්ලට ගෙන හුසෙයින් අබ්දුල්ලාහ් තරගයේ වීරයා ලෙස ද නම් කරනවා.
මුල් අර්ධයේ පරාජිත තරගයක් දෙවන අර්ධයේදී ගෝල 3 ක් රැස් කරමින් නැවත ජයග්‍රහණය කරා ගෙන ඒමට බලපාන්නේ සාර්ථක තරග සැළසුමක් තිබීම සහ කණ්ඩායමක් හැටියට එම බැදීම සාක්ෂාත් කිරිමේ ක්‍රියාවලියට එකා සෙන් කැපවීමයි.මේ කාරණා දෙකේම විශාල ගෞරවයක් ශ්‍රී ලංකා පුහුණුකරුවාට හිමි විය යුතු අතර පරාජිත තරගයක් ඛනපිට ගසා නැවත ජයග්‍රාහීව අවසන් කරන්නට හැකි වූ ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයින් අනාගතයට තමන් වගකීමෙන් බලා ගැනීමේ උවමනාව මෙහිදී පසක් කරනු ලැබුවා.

තමන්ගෙ ඈතට ගමන් කර තිබුණු තරගයේ ජය ඉඟිල්ලි ගොස් සුරතට ගත් ශ්‍රී ලංකා තරුණයින් මේ තරගාවලයේ සෙසු කණ්ඩායම්වලට මේ ජයග්‍රහණය හරහා නිකුත් කළ නිවේදනය නිසා ඉදරි තරගවලදී ශ්‍රී ලංකාවට එරෙහිව නැඟෙන සියළු කණ්ඩායම් වඩාත් වගකීමකින් ක්‍රීඩා කරනු ඇත.ඒ නිසා ඉදිරි සෑම තරගයක්ම මේ තරගයට වඩා වැදගත් සහ තියුණු තරග බවට පත් කිරිමට අල් මනායි මෙන්ම පිටියට පය තබන ක්‍රීඩකයන්ද සෙසු සියළුම කණ්ඩායමට සම්බන්ධ පිරිසඳ අවදියෙන් ක්‍රියා කළ යුතුව ඇත.බොහෝ විට මේ තරගාවලිය කලෙකට පසුව අප නමට දකුණු ආසියානු කිරුළක් හිමිවන පාපන්දු සූරතාවලියක් කරන්නට මේ තරුණයන්ට හැකි වේවා යි අපි සුබ පතමු.
ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයේ දක්ෂතාම ක්‍රීඩකයා වුූ හුසෙයින් අබුදුල්ලාහ් දකුණු ආසියාතික පාපන්දු සංගම් ලේකම් පුරුෂොත්තම් කටීල් අතින් එම ජය සංඛේත ලබා ගත් අවස්ථාවයි.ශ්‍රී ලංකාව මාර්තු 25 වන දා නේපාලය සඳහා තරග වැදීමට නියමිතයි.ඔවුන් සිය ප්‍රථම තරගයේදී භූතානය පරාජය කරන්නට සමත් වුණා.