මැතිවරණය සමබන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරනවා – අගමැති

Date:

සටහන – රෂිකා හෙන්නායක

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ , පළාත් පාලන මැතිවරණය පවැත්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය .

එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ, මැතිවරණය වෙනුවෙන් වෙන් කර ඇති රු. බිලියන 10 මැතිවරණ කොමිසමට ලබා දී මැතිවරණය පැවත්වීමේ වගකීම ආණ්ඩුවට ඇති බවයි.

”පාර්ලිමේන්තු සැසිවාරය පටන් ගන්න කලින් මුද්‍රණාලයෙ නිලධාරීන්ගෙන් ඇහුවා.. ඇයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන්නනෙ ඇයි කියලා
ඒ ගොල්ල කියනවා. අපි ප්‍රින්ට් කරන්න සූදානම් සල්ලි ටික දෙන්න කියලා”

”අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නෙ, නෑ. ඒක අවසානයක් නැති ප්‍රකාශයක් මම අමාත්‍යවරයා හැටියට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඒ අය අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන, කොමිසමේ සියලු දෙනා එයිද මම දන්නෙ නෑ.. ඒත් ඉදිරි දිනවලදී ඉතා ඉක්මනින් කැඳවලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා”

එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ, පළාත් පාලන මැතිවරණය කවදා පවත්වයි ද යන්න පිළිබඳව කිසිවෙකුත් නොදන්නා බවයි.

”මැතිවරණය සංසාරෙ වගේ මේක කවද වෙනවාද කියලා කවුරුත් දන්නෙ නෑ. අපිට කියන්නෙත් නෑ..”

පසුව අදහස් දැක්වමින් අනුර කුමාර දිසානායක පැවසුවේ, විධායකය විසින් හිතුවක්කාර ලෙස ඡන්දය කඩාකප්පාල් කරන බවයි.

”විධායකය හිතුවක්කාර ලෙස ඡන්දය කඩාකප්පාල් කරනවා. ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමේ කාර්යභාරයක්. මැතිවරණ කොමිසමේ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා විධායකය බාධා කරන නිසා තමයි. අධිකරණයේ සහනය පතන්න වෙලා තියෙන්නේ ”

පසුව නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග කියා සිටියේ, ආණ්ඩුව කිසිදු අවස්ථාවක ඡන්දය කල් දැමීමට කටයුතු කර නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : 2025 ඔක්තෝබර් මාසයේදී...

එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර්...

පොඩ්ඩන්ගේ පොඩිකමම ලොකු වෙන්න හරස් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...

ලක්ෂ 10න් ගෙවල් හදන හැටි පෙන්වන්නම්, එන්න ගම්පහට – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් ලක්ෂ 10කින් නිවසක් ඉදිකරන්නේ කෙසේදැයි...