තරුණ ත්‍රීරෝද රථ රියදුරන් තුළ වෘත්තීය දැනුම හා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක්

Date:

තරුණ ත්‍රීරෝද රථ රියදුරන් තුළ වෘත්තීය දැනුම හා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තීන්ත ගෑම (Painting), විදුලි කාර්මික (Electrician), ජල නල කාර්මික (Plumber), කොණ්ඩා කැපීම (Hair cutting) හා වඩු කාර්මික (Carpenter) යන ක්ෂේත්‍රයන් ඉලක්කගත කරමින් වෘත්තීය පුහුණු වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පවසයි.

ඒ අනුව, මෙහි ප්‍රථම අදියර ලෙස ගම්පහ, කොළඹ, හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්කවල වැඩසටහන් පැවැත්වීමට බලාපොරොත්තු වන අතර පළමු කණ්ඩායමේ වැඩසටහන 2024 මාර්තු 31 දිනට පෙර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා කර්මාන්ත අමාත්‍යාංශයේ විදාතා ඒකකය අතර පසුගියදා (19) අත්සන් කෙරිණි.

කර්මාන්ත අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජයසමරා ගුණරත්න මිය, අතිරේක ලේකම් පී.එම්.පී.කේ. කරුණාරත්න මහතා ද ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ මහතා, උප සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) ප්‍රියන්ත වීරසිංහ මහතා ඊට සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...