දශක දෙකකට පසු රුසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයන් 137 දෙනෙකුට මරු කැඳවමින් දශක දෙකකට පසු රුසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයේ හතර දෙනෙකු ඊයේ(24)දිනයේදී මොස්කව් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ටාස් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, මෙම පුද්ගලයින් ටජිකිස්තානයේ පුරවැසියන් ලෙස නිල වශයෙන් හඳුනාගෙන ඇති අතර නඩු විභාගයේදී ඔවුන් මාස දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන තිබේ.

මෙහිදී අධිකරණය විසින් සැකකරුවන්ගේ ජායාරුප නිකුත්කර ඇති අතර ඔවුන් උසාවියට ගෙන ඒමේදී එක් සැකකරුවෙකු ඇස් බැඳ උසාවියට ​​ගෙන ලද අතර තවත් සැකකරුවෙකු රෝද පුටුවකින් උසාවියට ​​ගෙන එන ලදී. සැකකරුවන් සිවු දෙනා වන Saidakrami Murodali Rachabalizoda, Dalerdzhon Barotovich Mirzoyev, Shamsidin Fariduni සහ Muhammadsobir Fayzov යන ය වරද පිළිගෙන ඇති අතර ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ තුවක්කුකරුවන් සිව්දෙනා ඇතුළු 11 දෙනෙකු රඳවාගෙන ඇති බවයි.

නිල වශයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් ඇති අතර සෞඛ්‍ය අංශ සඳහන් කර තිබුණේ මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවයි. Krasnogorsk හි ක්‍රොකස් නගර ශාලාවට දහස් ගණනක් ජනයා මල් සහ වෙනත් උපහාර ගෙන සිය ශෝකය ප්‍රදර්ශනය කළ අතර ඊයේ දිනය(24) රට පුර ශෝක දිනයක් ලෙස ක්‍රෙම්ලිනය ප්‍රකාශයට පත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්රකාශක ඇඩ්රියන් වොට්සන් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, මෙම ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම අයිසිස් සංවිධානය දරන බවත්, ඔවුන් තනිව ක්‍රියාකර ඇති බවත්, යුක්රේනය කිසිදු මැදිහත්වීමක කර නොමැති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...