2024 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය(lunar eclipse) අද!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW):අද(25) දින 2024 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය දැකබලා ගැනීමට ලෝකවාසීන්ට අවස්ථාව හිමිවෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේය.

අද පෙරවරු 10.23 සිට පස්වරු 03.02 දක්වා මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බව සඳහන් වේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, කෙසේ වෙතත් මෙම චන්ද්‍රග්‍රහණය දහවල් කාලයේ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට එය දිස් නොවන බවයි.