*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණයට පෙර විධායක බලතල අඩුකිරීමේ යෝජනාවක්? අලුත් අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ඉල්ලීමක්? දෙමල-මුස්ලිම් උප ජනාධිපතිවරු? සිවුරුවලටත් වංචාකළ කළුතර දේශපාලනඥයා – රනිල් සමග රවිත් යාපනයේ

  • ජනාධිපතිවරණයට පෙර විධායක බලතල අඩුකිරීමේ යෝජනාවක්?
  • අලුත් අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ඉල්ලීමක්?
  • දෙමල-මුස්ලිම් උප ජනාධිපතිවරු?
  • සිවුරුවලටත් වංචාකළ කළුතර දේශපාලනඥයා
  • රනිල් සමග රවිත් යාපනයේ

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): නිල වශයෙන් ජනාධිපතිවරණයට ඇත්තේ මාස හයක කාලයකි. 2024 සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 වැනිදා 2024 ජනාධිපතිවරණය පැවැත්වේ යැයි පැවසේ. 2024 ජුලි 15 වැනිදායින් පසුව මෙවර ජනාධිපතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට ව්‍යවස්ථානුකූලව බලය ලැබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ උත්සාහය දිගටම

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර දැමීම සඳහා ගන්නා උත්සාහය දිගටම පවතී. මේ සඳහා කරු ජයසූරිගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය හා විවිධ කොටස් සුවිශාල උත්සහයක් ගන්නා බව පෙනේ.

ඒ සඳහා තවත් පාර්ශව ගණනාවක ආශිර්වාදය ලැබෙන බව නොරහසකි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍යවේ. එහෙත් මේ අවස්ථාවේ එවැනි බලයක් ඒ සඳහා ලබා ගැනීම දුෂ්කර වනු ඇත.

දෙමල-මුස්ලිම් උප ජනාධිපතිවරු ගැන යෝජනාවක්

නාම මාත්‍රික ජනාධිපති ධුරයක් සහ දෙමල හා මුස්ලිම් උප ජනාධිපති ධුර දෙකක් ඇති කිරීම සඳහා යෝජනා ඉදිරිපත්වී තිබේ.

ආසන ක්‍රමය හා සමානුපාතික ක්‍රමය යන ක්‍රම දෙකම මත පදනම්වූ මිශ්‍ර ක්‍රමයක් ද යෝජනාවී තිබේ. ආසන ක්‍රමය ක්‍රියාත්මක වීම තුල වඩා යහපත් සාමාන්‍ය මිනිසුන්ට පාර්ලිමේන්තුවට පත්වීමට ඉඩ සැලසේ. කෙසේ වෙතත් එය එක්වරම ක්‍රියාත්මක කිරීම පහසු නැත. එම නිසා මේ වසරේ පාර්ලිමේන්තු ,මැතිවරණයක් පවත්වන්නේ නම් වර්තමාන ක්‍රමය යටතේම පවත්වන්නට සිදුවේ. නැතිනම් නව ක්‍රමය යටතේ 2026 වසර වනතුරුවත් මහා මැතිවරණය කල් යනු ඇත. ව්‍යවස්ථානුකූලව 2025 වසරේ මහා මැතිවරණය පැවැත්විය යුතුය. 2024 ජනාධිපතිවරණය ජයග්‍රාහකයා කවුරුන් වුවත් ඔහු ඊළඟ දවසෙම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත්තේ ජයග්‍රහණයේ වැඩිම වාසිය ගැනීමටය.

ජාතික ලැයිස්තු ක්‍රමය අහෝසිද?

මේ ක්‍රම යටතේ ජාතික ලැයිස්තු ක්‍රමය අහෝසි කිරීමට කටයුතු සිදු කිරීමට නියමිතය. ඕනෑම කෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට ඇති අවස්ථා එකකටවත් සීමාකළ යුතුය. ජාතික ලැයිස්තුව නිසා කිසිදු මහජන කැමැත්තක් නැති පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත්වීමද ඔවුන් මහජන මුදලින් බොහෝදෙ භුක්ති විඳ අවසානයේ විශ්‍රාම වැටුප් පවා ලැබීමද දැකිය හැකිය. ජාතික ලැයිස්තුවෙන් නම් කෙරෙන පුද්ගලයන් අතරින් සුදුස්සන් පත් කර ගැනීමේ බලය තිබිය යුත්තේ ජනතාවටය.එය දේශපාලන පක්ෂයක නායකත්වයට හෝ මහා ලේකම්වරයාට තිබීම සුදුසු නොවේ. ජාතික ලැයිස්තුව දෙස බලා පක්ෂයට ඡන්දය නොදීමේ පුරුද්දක් ජනතවට නැත. එම නිසා ජාතික ලැයිස්තු ක්‍රමවේදය , එවැනි අයට ඇමති ධුර ලබාදීම මෙන්ම ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම වැනිදේ නැවත්වීමට කිසියම් හෝ සාධනීය පියවර ගත යුතුය. මහජන කැමැත්තට කොකා පෙන්වන ක්‍රමවේද නැවැත්විය යුතුය.

ඉක්මන් මහා මැතිවරණයකට බැසිල් වැඩට බහී.

මහා මැතිවරණයක් මුලින් පවත්වා පසුව ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පොහොට්ටුවෙන් එන බලපෑම එලෙසම පවතී. එවැන්නක වැඩිම වාසිය ඇත්තේ පොහොට්ටුවටය. වැඩිම පාඩුව ඇත්තේ මාලිමාවටය. එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය නායකයන් පිරිසකටද පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව මෙහිදී ලැබෙනු ඇත. ජනාධිපතිවරනයේදී ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණයක් ගෙන නැති විශාල ජන ප්‍රතිශතයක් රටේ සිටී. එබැවින් ජනාධිපතිවරණයකින් පසු රැල්ල ජයග්‍රාහකයාගේ දිශාවට ගමන් කරන බැවින් ඊට පෙර පැවැත්වෙන මහා මැතිවරණයක් බොහෝ දෙනෙකුට සුභ දායක වනු ඇත.

අලුත් අවුරුද්දට පසු විසුරුවයි ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් පසුගිය දා සිදුව තිබේ. එහි ප්‍රධාන අරමුණ ලෙස පැවතුනේ ජනපතිවරණය වෙනුවට මහමැතිවරණයක් ලබාගැනීම බව පැවසේ. බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තවදුරටත් ඊට සම්බන්ධ පාර්ශව සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බවය.

ජනාධිපතිවරණය හා ඉදිරි සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව අදහස් හුවමාරුවූ මෙම සාකච්ඡාවේදී පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ ස්ථාවරයේ වෙනසක් කර නැත.

අවසන් එකඟතා නැහැ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය මහමැතිවරණයක් මුලින් අවශ්‍ය බවට බැසිල් රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති නමුත් මැතිවරණය පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති අතර ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් සාකච්ඡාවලින් පසු එළියට ආ බැසිල් මාධ්‍ය වෙත දන්වා ඇත්තේ සාකච්ඡා ධනාත්මක බවයි.

ජනාධිපතිවරයා සමඟ එකඟ වූ දේ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව මාර්තු 27 වනදා රැස්වන බව ඔහු පවසා ඇත. ජනාධිපතිවරයා මෙම කාරණය තම එක්සත් ජාතික පක්ෂයට යොමු කරනු ඇතැයිද බැසිල් සඳහන් කළේය.

ජනපති රනිල් සමග රවී යාපනයේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනවල යාපනයේ සංචාරයක නිරත වුයේ එජාප කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක සමගය. රවී එජාපයේ කොළඹ දිස්ත්‍රික් නායකත්වයට අමතරව මේ වන විට උතුරු පළාතේ නායකත්වයද දරයි.

යාපනයේදී ඉඩම් බෙදාදුන් ජනාධිපතිවරයා පසුව පේදුරුතුඩුව රෝහලට ඕලන්ද රජයෙන් හිමිවූ වාට්ටු සංකීරණයක්ද විවෘත කළේය. රවී කරුණානායක කිලිනොච්චි,වවුනියා සහ මුලතිව් ප්‍රදේශවල සංචාරය කරමින් නව සංවිධායකවරු පත් කිරීම් සිදුකළ අතර එම ප්‍රදේශවල එජාප ක්‍රියාකාරිකයන් සමග සාකච්ඡා වලද නිරත විය.

මෙහිදී යාපනය ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන අරුන් සිද්ධාර්ථන් එක්සත් ජාතික පක්ෂයට එක්වීම සිදු විය.

ඔහු පක්‍ෂ සාමාජිකත්වය ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ යාපනය සංවිධායක ලෙස පත් කර ඇත.

තමන් රාජ්‍ය පාලනය කරන්නේ දස රාජ ධර්මය කේන්ද්‍ර කරගෙන බව සජිත් කියයි

තම පාලනයක් යටතේ මෙරට පන්සල් පද්ධතිය වෙනුවෙන් විහාරස්ථාන කැපකරු ක්‍රමයක් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

තමන් රාජ්‍ය පාලනය කරන්නේ දස රාජ ධර්මය කේන්ද්‍ර කරගෙන බවත් විපක්ෂනයකවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද භික්ෂු උපදේශක සභාවක් කළුතර දී අමතමිනි.

සිවුරු වංචාවක් ගැන කළුතර හිටපු දේශපාලනඥයෙකුට දැඩි චෝදනා

කළුතර භික්ෂු සමුළුවේදී මහා සංඝරත්නය වෙත බෙදා දුන් සිවුරු පිරිකර ගැනීමේදී වංචා සිදුකළ කළුතර ප්‍රබල දේශපාලනඥයෙකුට එරෙහිව දැඩි පියවර ගැනීමට නියමිතය. සිවුරු මිලදී ගැනීමට නියමිතව තිබුනේ ගයන්ත කරුණාතිලක ගාල්ලේ සමුළුවට සිවුරු මිලදී ගත් දර්ගා නගරයේ වෙළඳසලකිනි . එහෙත් ඉහත කී දේශපාලනඥයා අඩු මිලට සිවුරු රැගෙන ඒම භාර ගත්තේය. එහෙත් අවසානයේ එම මිලටම රැගෙනවිත් තිබුනේ බාල සිවුරුය. ඇතැම් සිවුරු පුස්කා තිබු බවටද ,ඇතැම් ඒවා මීට පෙර භාවිත කර තිබු ඒවා බවටද ඇතැම් හිමිවරු චෝදනා කර තිබේ. එසේම ඉතිරි වූ සිවුරු තොගයද මෙම දේශපාලනඥයාගේ ලේකම්වරයෙකු විසින් රැගෙන ගොස් තිබේ. මේ තත්වය මත සජබය විසින් සිවුරු සඳහා මුදල් ගෙවීම නවත්වා තිබේ. මෙහිදී සිදුවූ වංචාව රුපියල් ලක්ෂ හතරකට වැඩි බව පැවසේ.

භික්ෂු සමුළුව සඳහා බාල සිවුරු රැගෙන ආ මෙම දේශපාලනඥයා දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අතර ඔහුගේ වංචාකාරී වැඩපිළිවෙල සෙසු සජබ සංවිධායකවරුන්ටද දැඩි කරදරයක්වී තිබේ. මීට පෙර පැවැති රණවිරු සමුළුවේදීද මෙවැනිම සිද්ධියක් වාර්තාවිය.

ගයන්තගේ සහතිකය

මෙරට කාන්තාවන් වෙනුවෙන් වැඩිම හඬක් නඟන නායකයා වෙන කිසිවෙකු නොව විපක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

කාන්තා ගැටලු ගැන වැඩිම අවබෝධයක් ඇති නායකයා වන්නේද සජිත් ප්‍රේමදාස බවද මන්ත්‍රීවරයා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පවත්වන ලද කාන්තා සමුළුව අමතමිනි.

කාන්තා ගැටලු වලට විසඳුම් දෙන නායකත්වයක් ඇත්තේ සමගි ජන බලවේගය සතුව පමණක් බවද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

මෛත්‍රීගේ දේශපාලන බෝම්බය

පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් එම හෙළිකිරීමේ රහස්‍යභාවය රැකීම එම විනිශ්චකාරතුමන්ලාගේ වගකීමක් බවත් ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ ප්‍රකාශ කළේ මහනුවරදී පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව දැන් නඩුවට ඉදිරිපත් කරන්නේ ද සිය පාලන කාලයේ අල්ලපු ත්‍රස්තවාදීන් බවත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සැබෑ ලෙස කළේ කවුද යන්න කිසිවකු මේ දක්වා ප්‍රකාශ කර නොමැති බවත්, 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරයා බවට පත්ව හොඳ තැනකට රට ගෙනියන්න සූදානම්ව සිටිය ද ආණ්ඩු පක්‍ෂයේ සහ වික්‍ෂයේ සහයෝගය නොලැබීම නිසා සිදුවූ දේවල් පිළිබඳව දැඩි කළකිරීමකට පත්ව සිටින බවත් කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කැමැත්තෙන්ම බලය අඩුකරගෙන වසර පහකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බව ද සඳහන් කළේය.

ආණ්ඩුව, දේශපාලන පක්‍ෂ සහ සමාජය ඇතුළු රටම අර්බුදයක තිබීම නිසා අර්බුදයෙන් මිදීමට නම් නියමිත කාලයේදී මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ ප්‍රශ්නවලට මූලිකත්ව දී කටයුතු කිරීමේ වගකීම එම මැතිවරණයෙන් පත්වන අලුත් ආණ්ඩුවට පැවරෙන බවත් , වර්තමාන පාර්ලිමේන්තුව ජනතාවගේ බලය නොමැති දැඩිව පිරිහීමට පත්වූ තැනක් බවට පත්ව ඇති බවත් හොරු, දූෂිතයෝ සහ වංචාකාරයෝ
පාර්ලිමේන්තුවට නොඑවීමට ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවගේ වගකීමක් ඇති බවත් ඔහු වැඩි දුරටත් කීය.

සැබවින්ම මෛත්‍රීපාල සිදුකළේ දෙබරයකට ගල් ගැසීම වැනි ක්‍රියාවලියකි. මේ ප්‍රකාශයත් සමග මේ සතියේ දේශපාලන සුපර්ස්ටාර් බවට ඔහු පත්වූ අතර සජබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේ වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමිනි.

අනුර කුමාර කැනඩාවේ

කැනඩාවේ ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගියදා කැනඩාව වෙත ගියේය. කැනඩාවෙි ටොරනටෝ ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින් විසින් ඔහු පිළිගෙන කැනඩාව වෙත රැගෙන යන ලදී.එහිදී අනුර කුමාර දිසානායක සාර්ථක ජන හමු කීපයක් පවත්වන ලදී.

ධම්මික ගම සමග ඉදිරියට

මෙවර ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලැබෙන බවට කියවෙන ව්‍යාපාරික ධම්මික පෙරේරා තම පොහොසත් රටක්-පොහොසත් ගමක් වැඩපිළිවෙල යටතේ ගම දියුණු කිරීම සඳහා ප්‍රධාන කරුණු 16 ක් යටතේ විශේෂ ප්‍රයෝගික වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

ලොව පුරා ධර්ම ප්‍රචාරය කිරීමට අවශ්‍ය භාෂා දැනුම ස්වාමීන් වහන්සේලාට ලබා දීම උදෙසා භාෂා පාසල් ආරම්භ කිරීම, විදෙස්ගත වීමට අදහස් කරණ තරුණ තරුණියන් වෙනුවෙන් එම රටවල් සඳහා වෙන් වූ භාෂාවන් හැදැරීමට භාෂා පාසල් ආරම්භ කිරීම, ගමෙහි දුවා දරුවන් හට පාසල් අධ්‍යාපනයට අමතරව දැනුම ලබා ගැනීම සඳහා සුහුරු පන්ති කාමර ඇති කිරීම, පෙර පාසල් අධ්‍යාපනය ලබන දුවා දරුවන් හට සුහුරු පන්ති කාමර ආරම්භ කිරීම, පිරිවෙන් අධ්‍යාපනය ලබන දුවා දරුවන් සහ ස්වාමින්වහන්සේලා හට ඩී පී එඩියුකේෂන් පිරිවෙන් අධ්‍යාපන පහසුකම් හා සුහුරු පන්තිකාමර ලබා දීම,
තොරතුරු තාක්ෂණය පිළිබඳව දැනුම ලබා දීම හා කෝඩින් දැනුම ලබා දීම සඳහා ඩී පී එඩියුකේෂන් අයි ටී කැම්පස් පිහිටුවීම, වයස අවුරුදු 16 ට වැඩි ඩී පී එඩියුකේෂන් අයි ටී කැම්පස්හි අධ්‍යාපනය ලැබූ දරුවන් උදෙසා සිලිකන් වැලි කාර්යාල පිහිටුවා රැකියා අවස්ථා උදාකර දීම,වැඩිදුර අධ්‍යාපන කටයුතු සහ දැනුම සොයන තරුණ තරුණියන් උදෙසා පොදු ස්ථානයක් ස්ථාපිත කොට නොමිලේ වයි ෆයි පහසුකම් ලබා දීම ඒ අතර වෙයි.

අයි ටී ක්ෂේත්‍රයේ නියුතු දරුවන් හට ඔවුන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා විශේෂ වූ උපදෙස් වැඩසටහන් ආරම්භ කිරීම,ක්‍රීඩා කුසලතා දියුණු කිරීම,විවිධ ක්ෂේත්‍ර සඳහා තරුණ පිරිස් වෙත වෘත්තීය පුහුණුව ලබා දීම,ආහාර අර්බුදයන්ට මුහුණපා සිටින දුවා දරුවන් හට නොමිලේ ආහාර ලබා ගැනීම සඳහා පන්සල් ආශ්‍රිතව දාන ශාලා පිහිටුවීම,
ගමේ වගා කටයුතු සඳහා ස්ථිර භෝග ලබා දීම.අතිරේක බෝග ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වඳවී යන ඒක දේශීය ශාක පොදු ස්ථානයක වගා කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,ස්වයං රුකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද ඒ අතර වෙයි.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan