රෝගී තත්ත්වයකින් ශිෂ්‍යයෙකු මිය යාම හේතු කොට ගෙන කැළණිය විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන්තාවක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW): ශිෂ්‍ය නේවාසිකාගාරයේදී  යම් රෝගී තත්ත්වයකින් ශිෂ්‍යයෙකු මිය යාම හේතු කොට ගෙන කැළණිය විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

විශ්වවිද්‍යාලය තුළ ගිලන් රථයක් නොතිබීම ශිෂ්‍යයාගේ මරණයට හේතු වූ බව සිසුන් පවසයි.

මේ වන විට කැළණිය විශ්වවිද්‍යාලය තුලට ආචාර්යවරුන්ට සහ සේවකයන්ට ඇතුළුවීමට නොදී සිසුන් එහි ගේට්ටු වසා දමා තිබෙන අතර, ආචාර්යවරුන් සහ සේවකයන් විශ්වවිද්‍යාලය තුළට යාමට නොහැකිව ඉන් පිටත රැදී සිටින ආකාරය දැකගත හැකි බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල අසළ සිසුන් විශාල පිරිසක් එක් රොක්ව සිටින අතර, තත්ත්වය සමථයකට පත් කිරිම සදහා දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...