දැනගෙනත් සති තුනක් යනතුරු හෙලි නොකළේ ඇයි? ජී.එල්. මෛත්‍රීගෙන් ප්‍රශ්න කරයි(video)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW):

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනගත් තොරතුරු සති තුනක් යනතුරු ප්‍රකාශ නොකිරීම පුදුම සහගත බවත්, එසේ හෙළි නොකලේ මන්දැයි (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසා සිටියේය.

මැතිවරණ පැවැත්වීමේ අනුපිළිවෙළ පිළිබඳව අද රටේ ජනතාව තුළ විශාල කතිකාවක් තිබෙන බවත්, වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා දමා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ බලය ජනාධිපතිවරයා සතු වන බවත්,පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරගත් යෝජනාවකින් ද පාර්ලිමේන්තුව විසුරුවිය හැකි බවත් ජී.එල් පීරිස් මහතා පෙන්වා දෙන ලදී.

ජුලි 17 පසු ජනාධිපතිවරණය පැවැත්වීමේ නිල නිවේදනය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසන් සභාවට සිදුවන බවත්, සැප්තැම්බර් 17 හා ඔක්තෝම්බර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ,එය කල්දැමීමට ජනාධිපතිවරයාට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට සිදුකළ නොහැකි බවත් කීවේය.

ජනතාව තුළ මැතිවරණ පැවැත්වීම පිළිබඳව සැකයක් තබා නොගත යුතු බවත්,ඉර හඳ වගේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ඔක්තෝබර් 17 ට පෙර පැවැත්වෙන බවත්, වත්මන් ආණ්ඩුව මැතිවරණවලට ඇති බිය නිසා නොයෙකුත් උපක්‍රම යොදා පසුගිය කාලය තුළ ක්‍රියාකළ ආකාරය ඉතා පැහැදිලිව දැකගත හැකි බවත් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදි රටක මැතිවරණ පැවැත්වීමට මුදල් සොයා ගැනීම අභියෝග සහගත බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටීම අද්විතීය දෙයක් බවත්, ජනාධිපතිවරණය සඳහා වෙන්කළ මුදල හෝ ඉන් කොටසක් හෝ මහ මැතිවරණය සඳහා ලබාගත නොහැකි බව නීතියෙන් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේ නම් වෙනම මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරගත යුතු බවත් පෙන්වා දෙනු ලැබීය,

ආණ්ඩුව හදිසියේ ගෙන එන මැතිවරණ නීති සංශෝධන නිසා මැතිවරණ කල් යැයි ජනතාව තුළ සාධාරණ සැකයක් මතුවී තිබෙන බවත්,එය කෙසේ වුණත් ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්විය යුත්තේ පැවති ක්‍රමයට මිස යෝජිත ක්‍රමයට නොවන බවත්, එයට හේතුව නම් සීමා නිර්ණය කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් නිසා බවත් ජී.එල් පීරිස් මහතා පවසා සිටියේය.

තවද, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනගත් තොරතුරු සති තුනක් යනතුරු ප්‍රකාශ නොකිරීම පුදුම සහගත බවත්, ජනාධිපතිවරයෙකු නීතිය ඉදිරියට කැඳවිය නොහැක්කේ එම ධූර කාලය තුළ බවත්, එම ධූරය අවසන් වූ පසු ඕනෑම අධිකරණයක් හමුවේ කැඳවිය හැකි බවත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...