(VIDEO):ඉර හඳ වගේ විශ්වාසයි ඊළඟ ජනාධිපතිවරණය අපි දිනනවා.රාජපක්ෂලා බලය අතහරින්න බය ඇයි? මෙන්න ඇත්තම කාරණය!

Date:

කොළඹ LNW:රාජපක්ෂ කඳවුර තමන්ගෙන් ගිලිහෙන බලය බේරාගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන්නේ පරාජයට පත්වීමෙන් පසු ගෙදර යාමට සිදුවන නිසා නොව යන්න වෙන්නේ මහ උළු ගෙන බවට ඔවුන් හොඳින්ම දන්නා නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔවුන් හැම විටම සිතුවේ ජනතාව ගැන නොව බලය අත්පත්කරගැනීම ගැන වන අතර ඔවුන් ධනය ඉපැයුවේ එම බලය නිසා වෙන් බවයි ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ජනතාව සැදී පැහැදී සිටින බවට ඉර හඳ මෙන විශ්වාස බවද ඔහු කියා සිටියි.

දවස පහකට කන්න හාල් දී වසර පහකට ජනතාවගෙන් රට ඉල්ලා ගෙන ඒ අවුරුදු පහේම රට කන අතර ජනතාව බැන බැන හූල්ල හූල්ල සිටින බවයි ටිල්වින් සිල්වා මහතා තවදුරටත් පවසන්නේ.

මෙම ක්‍රමවේදය වහාම වෙනස් කරමින් හාල් කිලෝ දහයක් වෙනුවෙන් අනාගතය බිලිදෙන දේශපාලන අවසන් කළ යුතුව ඇති බව හෙතෙම අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...