සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 25, කොළඹ (LNW): බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක දී මුණ ගැසෙන්නට පෙර අවසානයට ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලිය වූයේ නවසීලන්තයට එරෙහිව මුහුණ දුන් තරගාවලිය විය.එහිදී බංගලාදේශය එක් තරගයක් ජයගෙන එක් තරගයක් පරාජය විය.පරාජය වූ තරගයේදී බංගලාදේශ කණ්ඩායම විසින් නවසීලන්තය පරාජය කළේ ලකුණු 150 න් ය.
ඒ සියල්ල අදාළ කර ගනිමින් ක්‍රීඩාව සම්බන්ධ පුටු මාරුවකින් අයිසීසී තහනම ඉවත් කර ගත් ශ්‍රී ලංකාව ඉනික්බිති ජයග්‍රහණ පැත්තට හැරෙද්දී ඒවා පහත් කොට සැළකූ අය බංගලාදේශයෙදි තමයි මට්ටු වෙන්නෙ කියමින් ශ්‍රී ලංකාව පරාජය වනු දැකීමේ ආශාවෙන් උන්නේය.ටෙස්ට් තරගවලදී පරාජය වීම ගැන අනාවැකි කියන්නට නවසීලන්තය පරාජය කිරීම සහ එම තරගාවලිය සමව නිමා කර ගැනීමට සමත්වීම ද බොහෝ අය හේතු ලෙස පෙන්වා දුන්හ.එසේම ඒ බොහෝ අය සිතා සිටියේ බංගලාදේශය හොඳින්ම ශ්‍රී ලංකාව පරාජය කරනු ලබන්නේ ඔවුන් නවසීලන්තය පරාජය කළ,අද තරගය පැවති සිල්හෙට් හී දී කියාය.එහෙත් දින 3 ක් සහ පැය කිහිපයකට සීමා වූ තරගය ශ්‍රී ලංකාව ලකුණු 328 න් ජය ගැනීමට සමත් විය.

බංගලාදේශ ඉතිහාසයේ ඉණිමකින් නොවී ඔවුන් පරාජය වී ඇති වැඩිම ලකුණු පරතරය ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය.ශ්‍රී ලංකාව වරක් බංගලාදේශය ලකුණු 465 න් පරාජය කරන්නට සමත් වී ඇත.ශ්‍රී ලංකාව බංගලාදේශයට එරෙහිව වැඩිම ලකුණු සහිත ඉණිම වාර්තා කළ කණ්ඩායමය.එසේ ඔවුන්ට එරෙහිව වැඩිම ලකුණු ලබා ගැනීමේ දී මුල් ස්ථාන පහෙන් තුනකම ශ්‍රී ලංකාව සිටින අතර වැඩිම ලකුණු පරතරයකින් ජයගත් අවස්ථාව සහ මුලින් සඳහන් කළ ස්ථාන පහෙන් එක සහ තුනට තිබෙන ස්ථානවල ඉණිම වාර්තා කර ඇත්තේ ද චිතගෝං හි ය.( 730/6 සහ 713/9 ) ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයට යන විට එම විශ්වාසයද ඔවුන්ට වැදගත් වන්නේ එම තරගය පැවත්වෙන්නේ ශ්‍රී ලංකාව හපන්කම් පෑ චිතගොං හී බැවින්ය.
නායකත්වයේ වගකිම සහ විශිෂ්ඨ උඩ පන්දු කිහිපය ද එකතු කර සිල්හෙට් වික්‍රමයේ වීරයා ලෙස ධනංජය සිල්වා නම් කළේය.ධනංජය මෙන්ම කමිදු මෙණ්ඩිස් ද ශතක දෙක බැඟින් ලබා ගනිමින් ඉතිහාස ගත වෙද්දී ශ්‍රී ලංකාවේ වේග පන්දුව බංගලාදේශය වාසි ලබා ගැනීමේ අරමුණෙන් සකස් කළ කොළ පැහැති කණතීරුවෙන් හොඳින් වැඩ ගත්තේය.ඒ අතරින් කසුන් රාජිත දෙවන ඉණිමේ දී ලකුණු 56 ට කඩුලු 5 ක් සමඟ පළමු ඉණිමේ ලකුණු 56 ට කඩුලු 3 ක් දවා ගනිමින් මුලු තරගයේ දී ලකුණු 112 ට කඩුලු 8 ක් දවා ගැනීමට සමත් විය.විශ්ව ප්‍රනාන්දු පළමු ඉණිමේ දී ලකුනු 48 ට කඩුලු 4 ක් සහ දෙවන ඉණිමේ දී ලකුණු 36 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.විශ්ව ඉණිම දෙකේදීම බංගලාදේශ ඉණිම උඳුරා දමන වැඩේට මුල පුරමින් කැපී පෙණින.

බංගලාදේශය වෙනුවෙන් ටෙස්ට් පිතිකරුවෙක් ලෙස අනන්‍යතාවය ගොඩ නඟා සිටින මොමිනුල් හක් විශිෂ්ඨ ලකුණු 87 ක් නොදැවී රැස් කර ගන්නට සමත් විය.ඒ හැරෙන්නට කිසිඳු බංගලාදේශ පිතිකරුවෙක්ට ඉණිම දෙකේදීම අර්ධ ශතකයක් හෝ පසු කර යන්නට ඉඩ නොදෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වග කීහ.
සිල්හෙට් හී සිට මාර්තු 30 දා ඇරඹෙන ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගයට චිතගොං යන ශ්‍රී ලංකාවට එහි ඇති කීර්තිමත් ඉතිහාසය ද තරගයේ පහසුවට හේතුවක් වන්නට ඉඩ ඇත.එහෙත් ක්‍රිකට් විශ්වාස කළ නොහැකිය.මේ මොහොතේ අසාර්ථක වූ පිතිකරුවන් ඉතිරි දින කිහිපයේදී තමන් කණ්ඩායමට පිතිකරුවෙක් ලෙස කෙසේ දායක වන්නේදැයි කල්පනා කළ යුතුය.චිතගෝං හී දක්ෂතා සහිත ශ්‍රී ලංකාවේ ඉතිහාසය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට පවරන වගකීම සුළු පට නොවේ.ඔවුන් ඒ කීර්තිය රැක ගත යුතුය.
පළමු තරගයේ ලකුණු පූවරුට මෙතනින් පිවිසෙන්න.

https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-1st-test-1419830/full-scorecard

