චීනයේ බොහෝ රෝහල් වල ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සේවා සැපයීම නතර කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බිලියන 1.4 ක ජනගහනයක් වෙසෙන චීනයේ අඛණ්ඩව වසර දෙකක් තුළ ජනගහන පරිහානියකට ලක්ව තිබීමත් සමඟ රෝහල්වල ප්‍රසව වෛද්‍ය සේවා සැපයීම නතර කර ඇති බව රොයිටර් වාර්තා කර තිබේ.

1980 දී ශීඝ්‍රයෙන් ඉහළ යන ජනගහනයේ බිය මධ්‍යයේ පවුල් සඳහා එක් දරු ප්‍රතිපත්තියක් පැනවීමෙන් පසු චීනයේ උපත් අනුපාතය පහත වැටෙන්නට විය.

මේ සම්බන්ධයෙන් චීනය නිල සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කර නොමැති අතර චීන රජය 2015 දී ගමන් මග වෙනස් කළ අතර, ජෝඩුවලට දරුවන් දෙදෙනෙකු, පසුව 2021 දී දරුවන් තිදෙනෙකු බිහි කිරීමට ඉඩ ලබා දුන් නමුත් එය ප්‍රතිඵල දායක නොවිය.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ දත්ත පෙන්වා දෙන්නේ මෙම සංසිද්ධිය හදිසියේ සිදු වූවක් නොවන බවත්, චීනයේ ආර්ථික ව්‍යකුලත්වය, වාසස්ථාන පිලිබඳ ගැටලු, චීනයේ දරුවන් ඇති කිරීම හා සම්බන්ධ ආර්ථික පිරිවැය හා ළමා රැකවරණය ඉඅහල යාම, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ පවුල් ඇති තරුණයින්ගේ වෘත්තීය ජීවිතයට වන බලපෑම් අඩිය හේතුවෙන් නව විවාහකයන් සාම්ප්‍රදායික විවාහයන් සහ දරුවන් ලැබීමෙන් වැළකී සිටියි.

ඒ අනුව, චීනයේ ජනගහන වර්ධනය යළි පණගැන්වීමේ අපේක්ෂාව අඳුරු බව පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...