අලුකුත්තේරු කතා කියන්න එපා – ලංකා බැංකු සේවක සංගමය හර්ෂට කියයි !

Date:

අද ( 24) දින පාර්ලිමේන්තුවේ දී සිදුකල ප්‍රකාශයක් අතරතුර හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවක් අර්බුදයකට මුහුනපා ඇති බව ඔහුට දැනගන්නට ලැබී තිබෙන බවත් මේ පිලිබද ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් කලයුතු බවත් ය.

මෙලෙස ආණ්ඩුවෙන් කල පැහැදිලි කිරීම වෙනුවට මහජන බැංකුව කඩා වැටී ඇතිබවට අසත්‍ය ප්‍රවෘතියක් සමාජ මාද්‍යතුල සීග්‍රයෙන් පැතිරෙමින් ඇත.

මෙම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ පිලිබඳ වහාම ආණ්ඩුව විසින් පැහැදිලි කිරීමක් කලයුතු බවටත් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනාන්නායක සහෝදරයා විශේශ ප්‍රකාශයක් සිදු කර ඇත.

සමස්තයක් ලෙස රජය මුහුනදී ඇති විදේශ විණිමය අර්බුදයේදී ජනතාවගේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන ආනයනය කිරීම සඳහා ප්‍රධාන රාජ්‍ය බැංකු ද්විත්වය දැවැන්ත කාර්‍යභාරයක් නිහඬවම ඉටුකරමින් ඇත.

එලෙස අත්‍යාවශ්‍ය භාන්ඩ මෙරටට ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකු හරහා ලබා දීතිබූ ණයවර ලිපි ( Letter of Credit- LC) කිහිපයකට ( 3 කට )අදාල ගෙවීම් ප්‍රමාද වීම හර්ශද සිල්වාගේ මෙම ප්‍රකාශයට හේතු වීඇත. නමුත් අද වන විට එම ණය වර ලිපි ( LC) වලට අදාල සියලු ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය විදේශ මුදල් මහ බැංකුව විසින් නිකුත්කර ඇත.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු සිදුකල ප්‍රකාශයත්, සමාජ මාද්‍යයේ මහජන බැංකුවේ නම ඈඳමින් සිදුකෙරෙන ප්‍රවෘතිත් නිසා බැංකු පද්ධතිය විශාල ගැටලුවකට පත් වනුඇත.

මෙරට ප්‍රධන වාණිජ බැංකු දෙකම පවතින්නේ රාජ්‍ය භාරයේය.මේ බැංකු දෙකට යම් ගැටලුවක් ඇති වුවහොත්

1) අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පවා නොමැතිව මහපාරේ ජනතාව මියයන තත්වයක් පවා ඇතිවිය හැකිය.

2) අනෙකුත් බැංකුද කඩා වැටී සමස්ත බැංකු පද්ධතියම අනතුරට පත්වී රාජ්‍ය මූල්‍ය යාන්ත්‍රණයම අකර්මන්‍ය වනු ඇත.

ඉහත කී අවදානම් ගැන දැඩි අවධානය යොමුකර වගකීමෙන් යුතුව ප්‍රකාශ සිදුකිරීම ජනතා හිතකාමී සියලු දේශපාලකයින්ගේ මේ මොහොතේ වගකීම වන්නේය.

බොරදියේ මාළු බෑම තම් තමාගේ දේශපාලන අනාගතය පමනක් නොව සමස්ත රටවැසියාගේම ජීවිත අවධනමේ හෙලීමක් බඳුය.

දේශපාලන බල සිහිනයකට ඕනෑම අලුගුත්තේරු ප්‍රකාශයක් කිරීම වගකිවයුතු දේශපාලකයෙකුගේ කාර්‍යයක් නොවන බව හර්ශ ද සිල්වා ඇතුලු සියලුම දේශ පාලකයින්ට සිහිපත් කරමු.

පවතින ආණ්ඩු පෙරලීම හෝ බලය ලබාගැනීමට කටයුතු කිරීම දේශපාලකයින්ගේ සාමාන්‍ය ක්‍රියා පිලිවෙතයි.

එසේ වුවත් බලය ලබාගැනීමට රටේ ජීවනාලිය මේ මොහොතේ පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසායන් සංවිධානාත්මකව ඇද වැට්ටවීම දේශපාලන මන්දබුධික ක්‍රියාවකි.

රාජ්‍ය බැංකු ද්විත්වය කෙතරම් අභියෝග මැද වුවද නිහඬවම තම රාජකාරිය ආරක්ශිතව සහ වගකීමෙන් යුතුව ඉටුකරමින් ඇති බව ප්‍රකාශ කලයුතුය.

රාජ්‍ය බැංකු වෙත මෙවැනි සැක සංකා ජනිත වන ප්‍රකාශ නිකුත් කෙරෙන විට වගකිවයුතු රජයක් ලෙස ඒගැන පැහැදිලි කිරීමක් සිදු නොකිරීමද වගකීම් විරහිත ප්‍රකාශ තරම්ම අමනෝඥ ක්‍රියාවකි.

කේශර කෝට්ටෙගොඩ
හිටපු ජේශ්ඨ උප ලේකම්
ලංකා බැංකු සේවක සංගමය

සබැඳි පුවත් –

සමාජ මාධ්‍ය ජාලවල පැතිරෙන ප්‍රචාර අසත්‍යයි – මහජන බැංකුවේ සභාපති

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...

චොකා මල්ලී මරණ දඬුවමෙන් නිදහස් කළ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලන පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර !

සටහන - රුවන් නෙළුගොල්ල 2015 ජනාධිපතිවරණය ආසන්නයේදී කහවත්තේ පැවති ජනාධිපති...

එස්.එම් රංජිත්ගේ ඇප ඉල්ලීම කරුණු තහවුරු කිරීමට දින!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : බරපතළ වැඩ සහිත...