Saturday, June 3, 2023
spot_img

Latest Posts

එජාපය හෙට කොළඹට

රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය හෙට (25) පැවැත්වෙනවා. හෙට පස්වරු 03 ට සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.

රට ගොඩනැගීමේ දැක්ම යන තේමාවෙන් පැවැත්වෙන මෙම සත්‍යග්‍රහය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයන් සියලු දෙනාම සහභාගි වන අතර රටපුරා එජාප සාමාජිකයන් විශාල ප්‍රමාණයක් ඒ සඳහා සහභාගි වන බවයි එජාපය පවසන්නේ.

රට මුහුණ දී සිටින වත්මන් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩු මාරුවක් නොව, පොදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළයුතු බව පවසන එජාපය, මෙම සත්‍යග්‍රහය සඳහා සියලු පක්ෂවලට ආරාධනා කරනවා. පක්ෂ භේදයකින් තොරව සියලුදෙනාටම ඒ සඳහා සහභාගි විය හැකි බවද එජාපය පවසයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.