අලුත් අගමැති කෙනෙක්ට කෑම උයන්න ලෑස්ති වෙන්න – මහින්දගෙන් මුළුතැන්ගෙට උපදෙස් !

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දිනයේදී අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයට අපූරු කතාවක් කියා ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයට ගොස් එහි කාර්ය මණ්ඩලය හමුවී සුහද කතා බහක නිරත වී ඇති අතර එහිදී ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසු, ජුනි 10 වනදාට පෙර නව අග්‍රාමාත්‍යවරයෙකු අරලියගහ මන්දිරයට එනු ඇති බවයි.

තමන්ට සේවය කළාක් මෙන්ම නව අග්‍රාමාත්‍යවරයාටත් ඉතාම හොඳින් සේවය සලසන ලෙස මහින්ද රාජපක්ෂ මහතා එහිදී මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

එමෙන්ම මෙහි කිසිදු දේශපාලන ගැටුමක් නොමැති බවත් නව අගමැතිවරයෙකු පත්වන්නේ රට මේ වනවිට මුහුණ දී සිටින අර්බුදයෙන් බේරාගැනීම සඳහා බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...