බැසිල් රාජපක්ෂ රැම්බෝ වගේ. මුළු ලංකාවටම ගහන්නේ තනියෙන් ඇවිත් – ගම්මන්පිල

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යනු රැම්බෝ වැනි චරිතයක් බවත් ඔහු තනිවම පැමිණ මුළු ශ්‍රී ලංකාවම විනාශ කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

“ඉස්සර චිත්‍රපටිවල පෙන්නනවා අනුනායක හාමුදුරුවනේ, රැම්බෝ කියලා තනි ඇමරිකානුවෙක් ඇවිල්ලා වියට්නාමය විනාශ කරනවා. අර හනුමන්තා ඇවිල්ලා ගිනිතිබ්බා ඉන්දියාවෙන්. ඒ වගේ තනි ඇමරිකානුවෙක් ඇවිල්ලා මේ මුළු රටම විනාශ කරමින් ඉන්නවා. මිනිස්සු තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල අපා දුක් විඳිනවා. මේ හිතාමතා කරපු අර්බුදයක් නෙ”

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (24) මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදැක උන්වහන්සේ සමග කතාබහක නියැළෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...