දකුණු ආසියාතික රට හරහා දිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් – කළමණාකරු එච්.ඒ.උපාලි

Date:

ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයේ කොහිමා හී ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණය පදනම් කරගෙන මාර්තු 26 වන දා ඇරඹෙන දකුණු ආසියාතික රට හරහා දිවීමේ සූරතාවලිය සහ 56 වන ඉන්දිය රට හරහා දිවීමේ සූරතාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කාන්තා සහ පිරිමි කණ්ඩායම් 24 වන දා රාත්‍රියේ එහි ළඟා වූ බව කණ්ඩායම් කළමණාකරු එච්.ඒ.උපාලි පැවසීය.ඔහු තව දුරටත් පෙන්වා දුන්නේ කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බවය.යම් ශීතල දේශගුණයක් දක්නට ලැබුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට එය නුහුරු එකක් නොවන බවද කළමණාකාරවරයා සඳහන් කළේය.

කාලගුණික බලපෑම් නිසා කල්කටා හි සිට නාගලන්ත ප්‍රාන්තයේ පිහිටි එකම ගුවන් තොටුපළ වන ඩිමාපූර් ගුවන් තොටුපළ දක්වා එමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රීපූර් ප්‍රාන්තයේ අගර්තාලා හි පිහිටි මහරාජ් බිර් බික්රාම් ගුවන් තොටුපළ දක්වා යාමට සිඳු විය.ඊසාන දිග ඉන්දියාවේ දෙවන කාර්ය බහුලම ගුවන් තොටුපළ වන මහරාජා බිර් බික්රාම් ගුවන් තොටුපළ දෙවන ලෝක යුද සමයේ ඇරඹි ඩිමාපූර් ගුවන් තොටුපළට වඩා පහසුකම් ඇති ස්ථානයකි. ශ්‍රී ලංකා කණ්ඩායම කාලගුණ තත්ත්වය යහපත් වූ පසුව එහි සිට ඊයේ හවස් භාගයේ කොහිමා වෙත ළඟ වි ඇත.

“ඒක වළක්වන්න බැරි ස්වභාවික තත්ත්වයක් නිසා වෙච්චි දෙයක්.ඒකට තව අය මුහුණ දුන්නා.ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට පමණක් විශේෂ බලපැමක් ඇති කරපු එකක් නෙමෙයි.” යන්න ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරවරයාගේඅදහස විය.

හෙට (මාර්තු 26) ඇරඹෙන තරගය වෙනුවෙන් අද ද ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුව ලැබීමට නියමිත බව කණ්ඩායම් කළමණාකරු උපාලි පවසන අතර අද උදෑසන 6.00 වන විට කොහිමා හී උෂ්නත්වය සෙල්සියස් අංශක 14 ක් ව තිබිණ.ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුව ලැබූ නුවරඒළිය ප්‍රදේශයේ ඒ වන විට උෂ්නත්වය සෙල්සියස් අංශක 13 ක් ව පැවිති අතර ඒ නිසා කාලගුණය බාධාවකින් තොරව කළමණාකරනය කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අපහසුවක් නොවනු ඇතැයි සිතිය හැකිය.මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණිස්ඨ ක්‍රීඩිකාවන් තිදෙනෙක්,ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් තිදෙනෙක් සහභාගි වීමට නියමිතය.පිරිමි අංශයෙන්ද ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ අංශයෙන් ද ක්‍රීඩකයින් තිදෙනා බැගීන් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වේලාව හා සමාන වේලාවක් ඇති ඊසාන දිග ඉන්දියාවේ පිහිටි කොහිමා නගරය හෙට උදෑසන 5.30 ට ආරම්භ වීමට නියමිත රට හරහා දිවීමේ තරගාවලිය වෙනුවෙන් සූදානම්ව ඇති බව ශ්‍රී ලංකා කළමණාකරු ඒච්.ඒ.උපාලි පවසන අතර නාගලන්තයට තිබෙන ශීත කාලගුණ තත්ත්වය ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපහසුවකින් තොරව ක්‍රියා කරන බව පැවසීය.
“නුවරඒළියේ දේශගුණ තත්ත්වයට සමාන නිසා ශිතල ගුටළුවක් වෙන් එකක් නැහැ.අද 10 ට ඔවුන් පුහුණුව සඳහා ක්‍රීඩා පිටියට යනවා.ඊට පස්සෙ තවත් හුරු වෙයි.”යනුවෙන් උපාලි පවසන්නේය.
බංගලාදේශය, මාලදිවයින, නේපාලය, ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් නියෝජනය කරමින් මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 71 දෙනෙක් ඒක්වනු ඇතැයි ඉන්දීය මලල ක්‍රීඩා බලධාරීන් අපේක්ෂාවෙන් සිටියි.

ආන්ද්‍ර ප්‍රදේශ්, අරුණාචල් ප්‍රදේශ්, ඇසෑම්, බිහාර්, චන්දිගාර්, චත්තිස්ගාර්, දිල්ලි, ගෝවා, ගුජරාට්, හර්යානා, හිමාචල් ප්‍රදේශ්, ජම්මු සහ කාශ්මීරය, ජාර්කන්ඩ්, කේරළ, කර්නාටක, ලක්ෂද්වීප්, මධ්‍ය ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, මනිපූර්, මේඝලය, නාගලන්ඩ් පන්ජාබ්, පොන්ඩිචෙරි, සිකිම්, රාජස්ථාන්, තමිල්නාඩු, තෙලන්ගානා, ත්‍රිපුර, උත්තර්කාන්ද්, උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාල යන ප්‍රාන්ත නියෝජනය කරමින් සහ සමස්ත ඉන්දීය පොලිස් ක්‍රීඩා පාලනය, දුම්රිය ක්‍රීඩා ප්‍රවර්ධන මණ්ඩලය, ක්‍රීඩා පාලන සේවා මණ්ඩලය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 667 ක් මේ සමඟ ක්‍රියාත්මක 56වන ඉන්දීය ජාතික රට හරහා දිවීමේ තරගාවලියට එක්විමට සූදානමින් සිටින බව නාගාල්නත මලල ක්‍රීඩා බලධාරීහූ පෙන්වා දෙති.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පහත දැක්වේ.
ජ්‍යෙෂ්ඨ – පිරිමි
කුමාර් ශම්මුගේෂ්වරන්
ආර්.ඒම්.ඒස් පුශ්පකුමාර
සාගර විජේවික්‍රම

ජ්‍යෙෂ්ඨ – කාන්තා
නිමේෂා නිදර්ශනී
සුජානී පෙරේරා
චාමිනි හේරත්

කණිෂ්ඨ – පිරිමි
ඇන්ජලෝ බෙනඩික්ට්
චරිත් මධුභාෂන
ජාලිය සංගීත්

කණිෂ්ඨ – කාන්තා
ෂදී ෆොන්සේකා
හෂිනි ලක්ෂානි
ඩබ්.ඒම්. කසුනි

මධුර පෙරේරා-ප්‍රධාන පුහුණුකරු
බුද්ධික නුවන් – පුහුණුකරු
අචින්තා නිර්මානී-කාන්තා කණ්ඩායම භාර නිලධාරි
ඒච්.ඒ. උපාලි – කළමණාකරු

RM

තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම ඉන්දියාවේ පුහුණුවීම් අතරතුර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය