නිව්යෝක් නගරෙත් ගෑස් හිගයි, ඉතිං අපි ගැන කවර කතාද ? – එස්.බී.

Date:

ගෑස් හිගය, ඉන්ධන හිගය ශ්‍රී ලංකාවට පමණක් අදාල වන ගැටලුවක් නොවන බවත්, සමස්ත ලෝකයම මෙවැනි අර්බුදවලට මුහුණ දී සිටින බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඊයේ දිනයේදී ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී දැඩි ගෑස් හිගයක් තිබූ බව බීබීසීය වාර්තා කර තිබූ බවයි ඔහු සඳහන් කරන්නේ.

සමස්ත ලෝකයම මුහුණ දෙන අර්බුදයකට බොරතෙල් නිපදවන රටක් නොවන ශ්‍රී ලංකාව විසඳුම් සොයන්නේ කෙසේදැයි ඇමතිවරයා විමසා සිටිනවා.

මීට පෙර විවිධ අවස්ථාවලදී ගෑස්, ඉන්ධන හිග වූ නමුත් ඒ කිසිදු අවස්ථාවක ජනතාවට කලබලයට පත් නොවූ බවත්, මෙවර ඉන්ධන හිගයක් සම්බන්ධයෙන් ඇමතිවරුන් පවා විවිධ ප්‍රකාශ නිකුත් කිරීම නිසා ජනතාව දැඩි කලබලයට පත් වූ බවත් ඇමතිවරයා පවසනවා. ජනතාව කලබල වී අනවශ්‍ය පරිදි ඉන්ධන තොග රැස්කර තබා ගැනීම ඉන්ධන හිගය බරපතල වීමට හේතු වූ බවද දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

බැරල්, බූලිවලට පමණක් නොව ඇතැම් පුද්ගලයන් ජල බවුසර්වලට පවා ඉන්ධන පුරවා ගැනීමට කටයුතු කළ බවද ඔහු පෙන්වා දෙනවා.

පසුගිය දිනවලදී පැවති තරම් ඉන්ධන පෝලිම් මේ වනවිට දක්නට නොලැබෙන බවද දිසානායක මහතා සඳහන් කරයි. අද කොළඹ සිට මහනුවරට පැමිණෙන තෙක් කිසිදු ඉන්ධන හලක පෝලිම් නොදුටු බවද ඇමතිවරයා පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...