නිව්යෝක් නගරෙත් ගෑස් හිගයි, ඉතිං අපි ගැන කවර කතාද ? – එස්.බී.

Date:

ගෑස් හිගය, ඉන්ධන හිගය ශ්‍රී ලංකාවට පමණක් අදාල වන ගැටලුවක් නොවන බවත්, සමස්ත ලෝකයම මෙවැනි අර්බුදවලට මුහුණ දී සිටින බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඊයේ දිනයේදී ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී දැඩි ගෑස් හිගයක් තිබූ බව බීබීසීය වාර්තා කර තිබූ බවයි ඔහු සඳහන් කරන්නේ.

සමස්ත ලෝකයම මුහුණ දෙන අර්බුදයකට බොරතෙල් නිපදවන රටක් නොවන ශ්‍රී ලංකාව විසඳුම් සොයන්නේ කෙසේදැයි ඇමතිවරයා විමසා සිටිනවා.

මීට පෙර විවිධ අවස්ථාවලදී ගෑස්, ඉන්ධන හිග වූ නමුත් ඒ කිසිදු අවස්ථාවක ජනතාවට කලබලයට පත් නොවූ බවත්, මෙවර ඉන්ධන හිගයක් සම්බන්ධයෙන් ඇමතිවරුන් පවා විවිධ ප්‍රකාශ නිකුත් කිරීම නිසා ජනතාව දැඩි කලබලයට පත් වූ බවත් ඇමතිවරයා පවසනවා. ජනතාව කලබල වී අනවශ්‍ය පරිදි ඉන්ධන තොග රැස්කර තබා ගැනීම ඉන්ධන හිගය බරපතල වීමට හේතු වූ බවද දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

බැරල්, බූලිවලට පමණක් නොව ඇතැම් පුද්ගලයන් ජල බවුසර්වලට පවා ඉන්ධන පුරවා ගැනීමට කටයුතු කළ බවද ඔහු පෙන්වා දෙනවා.

පසුගිය දිනවලදී පැවති තරම් ඉන්ධන පෝලිම් මේ වනවිට දක්නට නොලැබෙන බවද දිසානායක මහතා සඳහන් කරයි. අද කොළඹ සිට මහනුවරට පැමිණෙන තෙක් කිසිදු ඉන්ධන හලක පෝලිම් නොදුටු බවද ඇමතිවරයා පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව ලංකාවට පැවරූ අඩු ලකුණු වාර්තාව එංගලන්තය අප්‍රිකාවට පවරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: යමක් සිඳු වූ විට...

නෝර්වේහි පාර්ලිමේන්තු මැතිවරණය අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (08) දින...

බෙල්ලේ ඩක්වර්ත් ලුවිස් සමඟ එක්ව ලංකාව අල්ලේ නැට වූ තරගයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ කොදෙව්...