විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ වන ලකුණු !

Date:

අලුත් අවුරුදු උත්සවය සමය වනවිට දෛනික විදුලි කප්පාදුව පැය 10 ඉක්මවා යනු ඇති බවට විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

අලුත් අවුරුදු සමයට පෙර විදුලි කප්පාදුව අවසන් කිරීමට හැකිවන බවට මීට පෙර බළධාරීන් ප්‍රකාශ කර තිබුණද ඊයේ මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ විදුලි කප්පාදුව මැයි මාසය දක්වා බලපැවැත්වෙනු ඇති බවයි. අලුත් අවුරුදු සැමරීමද ඇතැම්විට අඳුරේ සිටිමින් සිදු කිරීමට ජනතාවට සිදුවනු ඇති බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ.

මේ අතර දැවිතෙල් නොමැති වීම හේතුවෙන් කෙරවලපිටිය තාප බලාගාරයේ විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් දැවිතෙල් නිෂ්පාදනය සිදු නොවන අතර දැවිතෙල් ආනයනයද අර්බුදයට ලක්ව තිබෙනවා.

මේ වනවිට විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටමද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර මැයි මාසය අවසන් වනතෙක් යළිත් ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙන බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම තත්වය මත විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යා හැකි අතර දෛනිකව පැව 10 ඉක්මවන විදුලි කප්පාදුවක් වියහැකි බවටද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...