පූර්ණ තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට

0
253

පූර්ණ තරග සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේදී ටෙස්ට් තරග 02 ක්, එක්දින තරග 05 ක් හා 20/20 තරග 03 ක් පැවැත්වීමට නියමිතය.

ජුනි 07 වැනිදා 20/20 තරගාවලියෙන් මෙම සංචාරය ආරම්භ වන අතර පළමු තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීත් අවසන් 20/20 තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදීත් පැවැත්වේ. පළමු එක්දින තරග දෙක පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර ඉතිරි තරග 03 ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාලව පැවැත්වෙන අතර ජුනි 29 වැනිදා ආරම්භ වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here