1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමේ මුල්ම සාකච්ඡාව පවත්වන ලදී. පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීර මහතාය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගී විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා බලපාන ලදී. මේ කාල සීමාව තුළ ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට බෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීන පිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී.
රෝහණ විජේවීර මහතාගෙ නායකත්වයෙන් එසේ ආරම්භ කර ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජන බලවේගය ලෙස රටේ නායකත්වය භාර ගැනීමට තමන් සුදුස්සන් බව පවසයි.
ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා රටේ බලය ඉල්ලා පසුගිය දිනක නුගේගොඩදී ජන රැළියක් සංවිධානය කර තිබුණි. නමුත් රටේ බලය ඉල්ලන ඔහුට රටේ ආර්ථිකය මේ පවතින තත්වයෙන් ඉහළට ගැනීමට ඇති සැලැස්මක් ගැන කිසිදු අදහසක් ඔහු ප්‍රකාශ නොකරයි.
පසුගිය දිනයක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රීනී හරිනි අමරඅමරසූරිය මහත්මිය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළාය. ඒ අනුව ඇය පවසන්නේ රටේ වත්මන් තත්වයෙන් රට ගොඩගැනීමට ඔවුන් බලයට පැමිණියද කිරීමට අපහසු කාරණයක් බවත් ජනතාවට මීටත් වඩා කැපකිරීම් සිදු කිරීමට සිදුවන බවත්ය.
හරිනි අමරසූරිය මංත්රීතුමියගේ මෙම ප්‍රකාශයේ සත්‍යතාවයක් ඇති බව අපට හැඟෙන්නේ අනුර කුමාර මහතා රටේ පාලන බලය ඉල්ලන නමුත් පාලන බලය ලැබුණහොත් රටේ ආර්ථිකය ඉහළට ගෙන ඒමට ඔහු සතු වැඩපිළිවෙළ ඉදිරිපත් නොකරන නිසාවෙනි. තවද ඔහුගේ “අපි බලයට ආවම රට ඉන්න අපේ සහෝදරයන්ට වැඩිපුර ඩොලර් රටට එවන්න කියනවා” වැනි ප්‍රකාශ ඉතාමත් හාස්‍යජනකය.එසේ වන්නට නම් අනුර කුමාර මහතා ලංකාවේ ජනාධිපති උවහොත් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි විය යුතුය.
එසේම ජවිපෙ පසුගිය දිනක විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලංකාවට මුදල් නොඑවන ලෙස ඉල්ලීමක් කරන ලදී. රටට සැබැවින්ම ආදරය කරන දේශපාලන පක්ෂයකින් මේ අර්බුධය හමුවේ කිසි සේත්ම එවැනි බාල ඉල්ලීමක් බලාපොරොත්තු විය නොහැක.
ඒ අනුව අපට නිගමනය කළ හැක්කේ ජාතික ජන බලවේගයට රටේ ආර්ථිකය යතාතත්වයට පත්කිරීමට කිසිදු හැකියාවක් නැති බවත්, ඔවුන් බලය වෙනුවෙන් රටට අහිතකර ඕනෑම දෙයක් සිදු කිරීමට සූදානම් බවත් පමණි. මන්දයත් රටට හිතැති දේශපාලන පක්ෂයක් නම් මේ අවස්ථාවේ සිතිය යුත්තේ තමන්ට බලය ලබාගැනීම පිළිබඳව නොව අපේ රට වැටී ඇති තත්වයෙන් ඉහළට ගැනීමට කළ යුතු දෑ පිළිබඳවයි.
WGM Facebook
Sponsored Article