උපයන ඩොලර්වලින් 50% ක් මහ බැංකුවට විකිණීම අනිවාර්ය කිරීම විදෙස් ශ්‍රමිකයන්ට, අපනයනකරුවන්ට අදාල නෑ !

0
1275

උපයන විදේශ විනිමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විකුණන ප්‍රතිශතය 25% සිට 50% ක් දක්වා ඉහළ දැමීමේ තීරණය බැංකුවලට පමණක් අදාල වන තීරණයක් පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මෙම තීරණය විදේශගත ශ්‍රමිකයන්ගේ විනිමය ඉපැයීම් සහ අපනයනකරුවන්ගේ අපනයන ආදායම් සඳහා අදාල නොවන බවද මහ බැංකුව අවධාරණය කරයි.

වාණිජ්‍ය බැංකු වෙත ලැබෙන ඩොලර් සංචිතවලින් 25% ක ප්‍රමාණයක් මහ බැංකුව වෙත අලෙවි කිරීම අනිවාර්ය කරමින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබූ අතර එම ප්‍රතිශතය මාර්තු 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 50% ක් දක්වා ඉහළ දැමීමට මහ බැංකුව තීරණය කළේය. මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here