*
Friday, April 19, 2024
spot_img

Latest Posts

රුසියාවට එරෙහිව නේටෝව රැස්වෙද්දී පුටින් මිසයිල ප්‍රහාර ආරම්භ කරයි

නේටෝ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව ඊයේ ආරම්භ විය. නේටෝ සංවිධානය විශේෂ සමුළුවක් කැඳවීමට හදිසියේ තීරණය කළේ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

රාජ්‍ය නායක සමුළුව අමතමින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ යුක්රේනයට දියහැකි උපරිම සහයෝගය ලබාදෙන බවයි. ඇමරිකානු ඩොලර් බිලියන 02 කට ආසන්න යුද උපකරණ ලබාදීමට ඇමරිකාව කටයුතු කර ඇති බවත්, මීට අමතරව පීඩාවට පත්ව සිටින සිවිල් වැසියන්ට උපකාර කිරීම සඳහා තවත් ඩොලර් බිලියනයක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බවත් එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කරනවා.

මීට අමතරව යුක්රේන සරණාගතයන් ලක්ෂයකට රැකවරණය ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු පවසයි.

යුක්රේන අර්බුදය භාවිතා කරමින් නේටෝ සංවිධානය දෙකඩ කිරීමට රුසියානු නායක පුටින් බලාපොරොත්තු වුවද එම බලාපොරාත්තුව සම්පූර්ණයෙන් බිඳවැටී ඇති බවත්, නේටෝ සංවිධානය තවදුරටත් ශක්තිමත් වී ඇති බවත් බයිඩන් පවසනවා. යුක්රේන ආක්‍රමණයෙන් පුටින් දැනටමත් පරාජය වී අවසන් බවද එක්සත් ජනපද නායකයා අවධාරණය කරයි.

බ්‍රසල්ස් නගරයේදී නෝටෝ සංවිධානයේ රාජ්‍ය නායකයන් මුණගැසෙද්දී යුක්රේනයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමට පුටින් පාලනය පියවර ගෙන තිබේ. යුක්රේන ආක්‍රමණයට මාසයක් ගතවෙද්දී බැලැස්ටික් මිසයිල භාවිතා කිරීමට රුසියානු හමුදා පියවර ගෙන ඇති අතර හයිපර්සොනික් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ විශාල භූගත අවි ගබඩාවක් විනාශ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කරනවා.

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් සිය ඉලක්කය කරා යන හයිපර්සොනික් මිසයිල පැයට කිලෝමීටර් 6000 ක වේගයෙන් ගමන් කරයි. මෙම මිසයිල හරහා කිලෝමීටර් 2000 ක් දක්වා ඉලක්කයකට පහර දිය හැකිය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව මෙවැනි මිසයිල භාවිතා කිරීම, යුක්රේනයට සහයෝගය හා යුද ආධාර ලබාදෙන රටවලට දුන් සංඥාවක් ලෙස සැළකිය හැකි බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan