දුම්රිය ගාස්තු දැන් වැඩි නොවුණත් සඳුදාගෙන් පසු වැඩි වෙන්න පුළුවන් – දිළුම්

Date:

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යම් හෙයකින් නගරාන්තර දුම්රියවල සහ විශේෂිත දුම්රියවල ගාස්තු සංශෝධනයක් කර එය මාධ්‍යයට නිකුත් කර තිබුණ අතර තමන් මැදිහත් වී එය වහාම අත්හිටවූ අතර ගාස්තු සංශෝධනය ගැන සාකච්ජාව පැවැත්වෙන්නේ ද අද (25) පස්වරුවේ බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව අද රාත්‍රී 12.00 සිට කිසිම දුම්රියක ගාස්තු වැඩි වීමක් සිදුනොවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

නමුත් අද රාත්‍රියේ පවත්වන සාකච්ජාවෙන් අනතුරුව ලබන සඳුදා, අඟහරුවාදා වන විට නව ගාස්තු සංශෝධනයක් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

විශාල ලෙස ගාස්තු වැඩි වීමක් සිදුනොවන අතර ඉන්ධන පිරිවැය ආවරණය කරගැනීම සඳහා වන මිල වැඩි කිරීමක් පමණක් සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීකි බ්ලයින්ඩර්ස් වලින් ආභාෂය ලත් ඇඳුම් ඇඳීමෙන් ඇෆ්ගන් කොල්ලො ටිකකට තලේබාන් රජයෙන් නියෝගත් ලැබිලා!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): "පීකි බ්ලයින්ඩර්ස්" රූපවාහිනී...

කැන්ගරු පිටේ නැඟුණු සිංහයෝ ජෝඩුව සිංහයන්ට එරෙහිව එති

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: එළැඹෙන අවුරුදු 19 න්...